සාගතයකට ඉඩ තියන්නේ නැහැ

basil-rajapaksha

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කෘෂිකර්ම හා අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබුණේ, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල්වලට අමතරව නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යපාති සඳහා තවත් රුපියල් මිලියන 25,000 ක් වෙන්කර ඇති බවයි. අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන අතර කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිර්ක්ෂණය කර මුදල් වෙන් කර දීමට තීරණය කර ඇති බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

Read More

ජිවිතය කහ වලින් බබළවගත් පුද්ගලයෙක්!

රාජකාරියට මෙන්ම ගොවි තැනටත් මුල්තැන දෙමින් දේශිය ආර්ථිකයට රැකුලක් වෙමින් කහ වගාවේ නිරතවි විශාල අස්වැන්නක් ලැබීමට ආසන්න ලෝක බැංකු ව්‍යාපෘතියක සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් හමුවිය. පවතින ආර්ථිකය හමුවේ පිටරටින් කහ-කහ බීජයන් මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වියපැහැදම් කිරීමට සිදුවන අතර ඒ මහතා විසින් තවත් ගොවින් පිරිසකට සාර්ථක කහ අස්වැන්නක් ලබා ගැනීමට ඉතා යෝග්‍ය කහ බීජ නිෂ්පාදය කර තිබේ. රාජ්‍ය සේවයේ නිරත වෙමින් දරුවන් දෙදෙනා බිරිදගේ කටයුතු මෙන්ම රෝගීව සිටින මවගේ වැඩ කටයුතුත් අකුරට සිදුකරමින් මෙම අස්වැන්න ලබාගෙන තිබේ ඒ මහතා විසින් අස්වැද්දු කහ වගාව…

Read More

පාන් පිටි මිල ඉහළ දැමීම වතු ජනතාවට කළ අසාධාරණයක්!

breds

පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු තුල සේවය සදහා උදැසන නිවසින් පිටවන විට පාන් පිටි උපයෝගි කර ගෙන රෝටි සදා ගෙන තේ කහට බෝතලයක් සමග සේවය කරන ස්ථානයට රැගෙන යාම සිදු කරන බවත් එවන් තත්වයන් මත තමන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව…

Read More

ඔබ සුදානම්ද? මීළග වැඩි වීම…

petral

මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී මව්බිම පුවත්පතට පැවසීය. දැන් ඛනිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියන 2.5ක විදේශ ණයක් ගැනීමට යයි. විදේශවලින් ණය ලබාගෙන තෙල් පුච්චන්නට අපට පිස්සුද? තෙල් මිල වැඩිකළ යුතුය. ලෝක වෙළඳපොළේ තෙල් මිල…

Read More

බිලියන 135ක සුරාබදු ආදායමක්

mathpan

මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර් 09)  ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු ආදායමක් රජයට ලබාදීමට අදහස් කර තිබෙන බව ද ඔහු සඳහන් කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුවට අමතරව දෙවැනියට රජයට ආදායම් ලබා දෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වනවා.

Read More

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව

dr.ajith-amarasingha

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා, මෙම කවිය නැවත කරලියට පැමිණියේය. පසුගිය සමයේ මැතිවරණ වේදිකාවල මෙම කව ගිරවුන් මෙන් ගැයූ ඇතැම් “ලලනාවන්”, රට කිරීමට රජෙකු පැතීය. ඒ මෙම කව ලියු හිමිනම ගැන හෝ ලංකාව පාලනය කල රජවරුන්ගේ බහුතරයකින් රටට සෙතක් වීද…

Read More

තෙවන එන්නත් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

who

සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙති. තෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් වර්ගයක් ලබාදීම සම්බන්ධයෙන්ද සලකාබැලිය හැකි බව එම සංවිධානය සඳහන් කර තිබේ. මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් අවශ්‍ය නොවන බවද…

Read More

එළවලු මිලත් සීග්‍රයෙන් ඉහළට – ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට

elawalu-thoga

එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මේ වන විට බෝංචි ක්‍රිලෝවක මිල රුපියල් 360ත් 360ත් අතර මිලකට අලෙවි කරන අතර වම්බටු ක්‍රිලෝව රුපියල් 260ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් ලික්ස් බිට් ක්‍රිලෝව 20ත් 240ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත් දෙහි ක්‍රිලෝව රුපියල් 700ත් 800ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන  ජනතාව පවසනුයේ එලවලු මිල මෙසේ සිග්‍ර ලෙස ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්. එලවලු මිල මෙසේ ඉහල යාම් පිලිබදව කරන විමසිම්වලදි නගරයේ එලවලු වෙලදුන්…

Read More

පාන් පිටි මිල ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

thiriigupiti

පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු තුල සේවය සදහා උදැසන නිවසින් පිටවන විට පාන් පිටි උපයෝගි කර ගෙන රෝටි සදා ගෙන තේ කහට බෝතලයක් සමග සේවය කරන ස්ථානයට රැගෙන යාම සිදු කරන බවත් එවන් තත්වයන් මත තමන්ගේ ප්‍රධාන ආහාරය බවට පත්ව…

Read More

මධ්‍යම කදුකරයට අධික වැසි

adikawasi

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් සමග තම  දෛනික ජිවිතයටද විවිධ තර්ජන එල්ලවි ඇති බවද ඔවුන් පවසති. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගද ලිස්ස සුලු තත්වයන්ට පත්ව ඇති බවත්…

Read More