පින්බර වප් පොහොය දිනය අදයි

poya

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද (20)යි. අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා…

Read More

මංගල කොවිඩ් පොකුරක් මතුවෙයි

corona

කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේ ඉකුත් 18 වෙනිදා පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 35 දෙනකුට සිදු කළ PCR පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනා ගත් බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. කුලියාපිටිය කරගහගෙදර ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති මෙම මංගල උත්සවයට කෝවිඩ් ආසාදිතයකු සහභාගීවීම හේතුවෙන් සෙසු පිරිස PCR පරීක්ෂණයට යොමු කර ඇත. මෙම මංගල උත්සවයේදී මත්වතුර පානය කළ පිරිසෙන් වැඩි දෙනකුට මෙසේ වයිරසය ආසාදනය වී ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළේ.

Read More

නයිට්‍රජන් දියර පොහොර තොගය දිවයිනට

pohora

මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ. අද (20) අලුයම 12.25ට පමණ යූ.එල් 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මර්ග සදහන් කරයි. පොහොර තොගය වත්තල, හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වේ. දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීම අද…

Read More

රට අතහැර යන තරුණ පිරිස 50%කින් ඉහළට – මේ දින කිහිපයට12,000ක් පාස්පෝට් අරන්

SriLankan

පසුගිය දින 10ට 12,000ක් දෙනා විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බව වාර්තා වී ඇත. ඒ අනූව රට අතහැර යන පිරිස 50%කින් ඉහළ ගොස් ඇති බව දැනගන්නට තිබේ. ඉකුත් දින කිහිපය පුරාම බත්තරමුල්ලේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන කාර්යාලය අසල දීර්ඝ පෝලිම් දැකගන්නට ලැබුණු අතර ඉන් බහුතරයක් තරුණයන් වීමද විශේෂ සිදුවීමකි.

Read More

මිනී මස් කන ‘පිරානා’ දියවන්නාවෙන් කැළණියෙන් මතුවෙයි

pirana

මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරන්හා’ වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී ඇත බවත්, කුමන හෝ විධිවලින් එම මාළු වර්ග අපේ ජලාශවලට නිදහස් කර ඇති බවත්, ඒ අනුව කැළණි ගඟ බොල්ගොඩ ලේක් දියවන්නාව වැනි තැන්වල පිරන්හා මත්ස්‍යයින් සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ විද්‍යාඥ අජිත් කුමාර මහතා පවසයි. විසිතුරු මත්ස්‍යය කර්මාන්තයට ගෙන ආ මාළු වර්ග අතර පිරන්හා ද ඉන්නට ඇතැයි හෙතෙම විශ්වාසය පළ කරයි. විසිතුරු මත්ස්‍යය කර්මාන්තයකට හෝ මත්ස්‍යයින් කුමන හෝ අන්දමකින් මෙරරට ගෙනවිත් ඇති බවත් ස්වභාවික ගං වතුරක් පැමිණි විටත් ස්වභාවික පරිසරයට මාළු…

Read More

ශ්‍රී ලංකාවෙන් ඉරාකය ට යාත්‍රා දෙකක්

yathra

මෙරට නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ නැව් තටාකාංගණ සමාගම නිෂ්පාදනය කළ යාත්‍රා දෙකක් ඉරාකයට පිටත් කර තිබේ. මීටර් 60ක දිගින් යුතු බෝයා යාත්‍රාවක්  සහ මීටර් 52ක දිගින් යුත් PILOT STATION වර්ගයේ නෞකාවක් එලෙස නිපදවා ඇත. එමගින් ඩොලර් මිලියන 35ක ආදායමක් මෙරටට හිමිවූ බව කොළඹ නැව් තටාකාංගණ සමාගම සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද

srilanka-team

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More