ලංකාවේ පළමු කලුදිලීර කොවිඩ් මරණය වාර්තා වෙයි

ලංකාවේ පළමු කලුදිලීර කොවිඩ් මරණය වාර්තා වෙයි

කොවිඩ් නිව්මෝනියා හා සම්බන්ධ කලු දිලීර සංකූලතා හේතුවෙන් ලංකාවේද මරණයක් වාර්තා වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර පවසයි. කොවිඩ් නිව්මෝනියාව නිසා සැප්තැම්බර් මස 29 වන දින මිය ගිය 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය අයෙකුගේ සාම්පල වැඩිදුර පරීක්ෂාවේදී පෙනහැල්ලේ කලු දිලීරය ආසාදනය වී ඇති බවට…

ගුරු – විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට තීරණයක්

ගුරු – විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට තීරණයක්

පුරා මාස 03කට අධික කාලයක් දිවෙන ගුරු – විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අද දිනයේදී එම වෘත්තීය සමිති නිලධාරින් විසින් පැවැත්වූ සාකච්ජාවෙන් අනතුරුවයි.

අවවාදාත්මක නිවේදනයක්

අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 2.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ රාත්‍රී 11 දක්වා වලංගු වන ආකාරයෙන්. එම නිවේදනයට අනුව මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු…

පත්තෑ දෂ්ඨයකින් බිළිදිය නිදියහනේදීම මරුට

පත්තෑ දෂ්ඨයකින් බිළිදිය නිදියහනේදීම මරුට

මුන්දලම  දේවාලහංදිය ප්‍රදේශයේ  නිවසක  බිළිදකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම මරණයට  පත්ව ඇති බව  පල්ලම පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්‍ර නැමති බිළිදෙකි. දරුවාගේ පියා  දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට කියා ඇත. මෙම…

අධිවේගයෙන් පැතිරෙන කොරෝනාවක් මතුවෙයි

අධිවේගයෙන් පැතිරෙන කොරෝනාවක් මතුවෙයි

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම් නව ප්‍රභේදය ලොව පුරා හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වූ රටවලින් මේ වනවිට ඩෙල්ටා ප්ලස් අනු කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇත. ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බවද වාර්තා වී…

මහින්ද දින නියමයක් නැතුව විවේක ගනී

මහින්ද දින නියමයක් නැතුව විවේක ගනී

ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් සමාජජාල පරිශීලනයට කෙටි විරාමයක් තබන බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය මූනු පොතේ ලියා ඇත. ඉකුත් 16වන සෙනසුරාදා සිය වම් ඇසෙහි ශල්‍යකර්මයක් සිදුකළ බැවින් මෙම තීන්දුව ගත් බව පවසා ඇති හෙතම නැවත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නියමිත ඔක්තෝම්බර් 31…

නුවරඑළියේ පාසල් 149 ක වැඩ අරඹයි.

නුවරඑළියේ පාසල් 149 ක වැඩ අරඹයි.

රජය මගින්  ඊයේ (21)  දින සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරිමට සැලසුම් කර තිබු පාසල් 308න් පාසල් 149ක අධ්‍යාපන කටයුතු ආරම්භ කිරිමට හැකිවු බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු  එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ ආරම්භවු විදුහල් සදහා අධ්‍යාපනය හැදැරිමට…

අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .
|

අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ ථූපාරාම විහාරස්ථානය ආසන්නයේ පරම්පරා කීපයක් වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා  අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග ඊයේ (21දා) එම ස්ථානයට රැස්වූ වෙළඳුන් ඊට විරෝධය පළ කර සිටියහ. ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල්…

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද
|

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත T20 ලෝක කුසලාන තරඟය අද

20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය. තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිතය. මෙම තරගය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැත්වේ. පෙරේදා පැවැති අයර්ලන්තය සමග තරගය ජයගෙන කල් ඇතිවම පළමු 12 දෙනාගේ…