අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .

අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ ථූපාරාම විහාරස්ථානය ආසන්නයේ පරම්පරා කීපයක් වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා  අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග ඊයේ (21දා) එම ස්ථානයට රැස්වූ වෙළඳුන් ඊට විරෝධය පළ කර සිටියහ.

ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල් ඉදි කළ බවත් විදුලිය ලබා ගෙන විදුලි බිල් ගෙවමින් නගර නගර සභාවට කඩ කුලී ගෙවමින් තමන් මෙතෙක් වෙළදාම සිදු කළ බවත් ඔවුහු පැවසූහ.

අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලිසෑය සමාධි පිළිමය ලංකාරාමය ඇතුළු බොහෝ පූජනීය ස්ථානවල වෙළඳුන් හට ස්ථිර වෙළෙඳසල් ඉදිකර දි ඔවුන් වෙළදාමේ නිරත වන බවත්  ථූපාරාමය අසල වෙළඳාමේ නිරත තමන් ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට අන්ත අසරණ වී ඇති බව එම වෙළඳුන් පැවැසූහ.

මෙහිදී අදහස් දැක්වූ වෙළඳසැල් හිමියකු එච්. ඩබ්ලිව් විජේසිංහ මහතා.

“මම දැන් වසර හතළිහකට අධික කාලයක් ථූපාරාම පුදබිමේ වෙළඳාමේ නිරත වනවා.වසර පහළොවක් පමණ ථූපාරාම මළුවේ වෙළදම් කළා.ඉන් අනතුරුව පෙත්මගේ වෙළදාම් කළා.දැන් රථ ගාල ආසන්නයේ වෙළඳසැලක් ඉදිකර ගෙන වසර හතරක් පමණ වෙළඳාම් කරනවා.

ඒ කාලේ අපි කඩ කුලී ගෙව්වේ පුරාවිද්‍යාවට එතරම් පැරණි ඉතිහාසයක් අපිට තියෙන්නෙ. හිටි හැටියෙම මෙම  වෙළඳ සැල් ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් අපිට දැන් යන එන මං නැති වෙලා.පසුගියදා ජනාධිපතිවරයා රුවන්වැලිසෑයට පැමිණි අවස්ථාවේදී අපි ලිපියක් බාර දුන්නා මේ සම්බන්ධයෙන් .අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ  සානුකම්පිතව මේ ගැන සොයා බලා අපිට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ කියලයි.

පිවිතුරු හෙළ උරුමයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක සම්පත් මානවඩු මහතා.

මේ වසංගතයක් එක්ක අසරණ වූ එම වෙළඳුන් දැන් කබලෙන් ලිපට වැටිල ඉන්නේ. මේ වන විට පූජා නගර කමිටුව තීරණයක් ගෙන තිබෙනවා මෙම වෙළඳුන් ඉවත් කරන්න.

අපි කතා කරන්නේ මේ පූජා නගර කමිටුව ගන්න තීරණ වලට විරුද්ධව නෙමෙයි.මේවා සංවර්ධනය වෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනේ හැබැයි මෙතන වෙළඳුන් පනස් ගණනක් ඉන්නවා ඒ අයගේ පවුල් වලට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ ඒ අයගේ ජීවිතත් ලස්සන වෙන්න ඕනේ.

මේ වෙළදාමෙහි නිරත වෙන්නේ පූජා නගරයට පිටින් ආපු මිනිස්සු නෙමෙයි.පරම්පරා තුනක පමණ සිට ඔවුන් ජීවත් වුණේ වෙළදාම් කරලා. ළමයින් උස්මහත් කරේ,  ඉගැන්නුවේ  මෙම වෙළදාමෙන් ලැබෙන සුළු මුදලින්, වසර තුනකට ආසන්න කාලයක සිට පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ්  වසංගතයෙන් බැට කාපු මේ අයට වෙළදාමට සුදුසු ස්ථිර තැනක් දෙන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.

ථූපාරාමයෙන් එපිට, අක්කර 8 කියන ප්‍රදේශය යෝජනා කර තිබෙනවා මේ අයට වෙළඳාම සඳහා  නමුත් එම ස්ථානයට බැතිමතුන් එන්නේ නැහැ.අඩුම තරමේ එතන මලක් විකුණගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහත්තයා කිව්වා ලබන ඉරිදා සාකච්ඡාවකදී ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරලා විසඳුමක් ලබා දෙන්නම් කියලා, ඒ වචනේ විශ්වාස කරලා මේ අය ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

මෙම වෙළඳසැල් ඉවත් කිරීම සඳහා පැමිණි අනුරාධපුර නගර සභාවේ නිලධාරීන්  ලබන අඟහරුවාදා වන තෙක් කල් ලබා දී එම ස්ථානයෙන් පිටව ගියහ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….