යහපාලනය, යහපාලනය කුණු ගල් ගසන්න එපා

mithreepala

සේරම කුණු යහපාලන ආණ්ඩුවට දාන්න එපා යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. යහපාලන ආණ්ඩුව රටට කළ දේවල් කියන්නට වෙනම සම්මන්ත්‍රණයක් වුවත් පැවැත්විය හැකි බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. තම රජය සම්මත කළ පනත් කොපමණද? කළ දේවල් මොනවාද? යන්න අද කවුරුත් කතා නොකරන බවත්, යහපාලනය, යහපාලනය කියමින් ගල් ගැසීම පමණක් සිදුකරන බවත් හෙතෙම කීවේය. මැතිවරණ සිතියම හැකිළුවේ යහපාලන ආණ්ඩුව නොව ජේ.ආර් ජයවර්ධන මහතා බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය. ‘මම මේ රටට 19 වන සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය දුන්න මිනිහෙක්. ලෝකෙ කොයි නායකයද තමන්ගේ බලය ඉවත් කළේ’ යැයිද හිටපු ජනාධිපතිවරයා කීවේය.  

Read More

රටම අඳුරු වන දිනය ගැන ඉඟියක්

viduliya

බලාගාරවල සේවය කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියද බලාගාර හා මෙහෙයුම් පද්ධතිවල ඉංජිනේරුවන් සේවාමුරක්‍රමයට රාජකාරි කරන බව ද ඉදිරි පියවරේදී ඔවුන්ද රාජකාරිවලින් ඉවත්කර ගන්නා බව ද පවසයි. වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ලංවීම ඉංජිනේරු සංගමය පවසයි.

Read More

චීන්නූ මෙරට ව්‍යාපෘති හකුලා ගෙන මාලදිවයිනට යයි

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීන සමාගමක් මගින් උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ. ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර තිඇතැයි ද එහි දැක්වේ.

Read More

නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවයි

gas

නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව තහවුරු කළා. මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. ඔවුන්ගේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සහ අලෙවි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Read More

ගෑස් ආශ්‍රිත සිද්ධි 131ක් වාර්තා වෙයි

gas2

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා වූ කාලය තුළ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් සිලින්ඩර සම්බන්ධ සිදුවීම් 131ක් වාර්තා වී ඇතැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායෑම් පිළිබඳ විමර්ශනය කිරීමේ හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එම කමිටු වාර්තාව ඊයේ (02) නිකුත් කෙරුණු අතර එහි දැක්වෙන්නේ ගෑස් සිලින්ඩරයට සුළු හානි සිදුවීම් 5ක්, ගෑස් සැපයුම් නළයට හානි සිදුවීම් 09ක්, රෙගුයුලේටරයට හානි සිදුවීම් 10ක්, ගෑස් ලිපෙහි මුහුණත වීදුරුව බිඳියාම් හා ගෑස් ලිප පුපුරායෑම් 56ක්, ගෑස් කාන්දුවීම් 47ක් හා අධික තාපය හේතුවෙන් සිදු වූ අනතුරු…

Read More

තලවාකැලේ සහ දිඹුල ප්‍රදේශයන්හීත් පිපිරීම්

gas pike skyward

තලවාකැලේ වෝකරස් ප්‍රදේශයේ ඉදිකර ඇති ඉහල කොත්මලේ නව නිවාස යෝජනා ක්‍රමයේ නිවස් තුල  සිදුවු ගැස් ලිපක් පුපුරා යාම පිලිබදව තලවාකැලේ පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත. තේ පානය කිරිම සදහා ජලය උණු කර ගැනිමට ගැස් ලිප දල්වා ජලය උණු කර ගැනිමෙන් පසු ගැස් ලිප නිවා මද වෙලාවකට පසුව තම නිවසේ මුලු තැන් ගෙයින් විශාල ශබ්දයක් ඇසි දිව ගොස් බලන විට තම නිවසේ ගැස් ලිප පුපුරා ඇති බව එම නිවසේ හිමිකරු වන වේලුසාමි ශ්‍රිනාත් මහතා පවසන ලදි. මෙම ගැස් ලිප පුපුරා යාමෙන් නිවසේ කිසිවකුටත් හාන් සිදුව නොමැති බවත් වේලුසාමි ශ්‍රිනාත් මහතා තව…

Read More