අද විදුලි කප්පාදුවෙන් බේරුනත් ඉදිරිදින වල පැය 4 ක් දක්වා විදුලි කප්පාදුවක්

light-cut esanin puwath

පැයකට සීමාවී ඇති විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 3 ත් 4 ත් දක්වා දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එවන් තත්ත්වයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමෙන් අර්බුදය තවත් උග්‍ර වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමනි පැවැසුවේ ඩීසල් විදුලි බලාගාර සඳහා දැනට ලැබී ඇති ඉන්ධන අදට ප්‍රමාණවත් වන අතර ඉදිරි දිනවලට අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබීමට නියමිත බවයි. ලංකා IOC සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේදී ලංකා…

Read More

නුවරඑළියටත් සක්වල ක්‍රියාත්මක කිරීමට යයි

sakwala

නුවරඑළිය දිස්ත්‍රික්යේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ පහේ පලාත් පාලන ආයතන 12තුල සක්වල වැඩ සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරිමයි අද මගේ ඉලක්කය මගේ වැඩේ මම හරියට කරනවා මෙහි සංවිධායකයන්ද එම ඉලක්කයට යායුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසන ලද්දේ හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේ 16වන දින සවස පැවති රැස්විමක් අමතමිනි. එහිදි වැඩි දුරටත් කතා කල සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බල වේගයේ මේ ආසන සංවිධායකයන්ට තම ආසනය තුල පන්දාහාක බලකායක් පිහිටුවිමට මා ඉලක්කයක් ලබාදි තිබෙනවා එය නිසි කරන්න බැරිනම් ගෙදර තමයි මම හැංගි හොරා කියන්නේ නැහැ එලි පිටයි කියන්නේ.…

Read More

පෝට් සිටි පොකුරක් මතුවීමේ තර්ජනයක්

portcity

කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවේ අධික නරඹන්නන් පිරිසක් එක ගොඩේ ගැවසීම නිසා “වරාය නගර පොකුරක්” මතුවීමේ තර්ජනයක් මතුවෙමින් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා විය. පසුගිය සතියේ උත්සවාකාරව විවෘත කරන්නට යෙදුණ Colombo Port City Marina Promenade වෙත මහජනයාට පැමිණීමට ආරාධනා කෙරුණ අතර ඒගැන ඉහළ ප්‍රසිද්ධියක්ද මාධ්‍ය මගින් සිදු කරනු ලැබීය අනතුරුව දිවයිනේ නන්දෙසින් ඒ වෙත විශාල ජනකායක් පැමිණෙමින් සිටින බැවින් කොරෝනා පොකුරක් මතුවීම පිළිබඳ බියක් මතුව තිබේ. පසුගිය දින කිහිපය තුළ මහජනතාව සක්මන් මළුව පරිශ්‍රය තුළ පවා සමාජ දුරස්ථභාවය පවත්වා නොතිබුණි. දිගු සති අන්තයේ සක්මන් මළුවට ඇතුළු…

Read More

අල ලාභද? ලූණු ගණන්ද?

potato

මෙදාපාර මගේ පඩිය සති දෙකෙන් ඉවරයි. ඉතුරු සති දෙක ජීවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට, 25 දාට තව දවස් දහයක් තියෙනවා කියලා මතක් වෙනකොට, මට මාර සැපක් සනීපයක් සොමියක් දැනෙන්න වුණා. ඉතිං මට නිකමට රට වටේ ඉන්න මගේ යාළුවන්ට කතාකරලා ඒ අයගෙනුත් අහන්න හිතුනා දැන් සැපයි ද කියලා. අල ලාභද? ලූණු ගණන්ද? කියලා අහන්න හිතුනා. ඉතිං මම ඇහැව්වා. මෙන්න උත්තර ටික.. ආනන්ද බලහරුව බලහරුව තියෙන්නේ වැල්ලවායට කිට්ටුවෙන්, හම්බෙගමුවට යාව, තණමල්විල සුවඳ හමන ගමක්. මගේ මිත්‍රයා ආනන්ද කඩයක් සහ හාඩ්වෙයාර් එකක් කරනවා. ඉතිං මට මුලින්ම මතක් වුණේ මේ හාදයා. මල්ලී කොහොමද…

Read More

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර 05 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ. 2021 වර්ෂයට අදාළ 5 ‌ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 22 වැනිදාය. ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීමද තහනම් වේ. විභාග කොමසාරිස් ජෙනරාල් ඒල්.ඒම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහරින ලෙස පවසා පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වන අතර එවැනි…

Read More

චීනයේ කොවිඩ් අවදානම් තත්ත්වයක්

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනයේ ‘චන්ද්‍ර‘ අලුත් අවුරුදු සැමරුම යෙදී ඇත්තේ පෙබරවාරි 01වැනි දිනටය. එහෙත් එරටින් වසර දෙකක් තුල වාර්තා වූ ඉහලම දෛනික ආසාදිතයින් සං‍ඛ්‍යාව ඊයේ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බීජිං ඇතු‍‍ළු අතිශය ජනාකීර්ණ නගර කිහිපයක අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි සදහන් වේ. එසේම බලධාරීන් ජනතාවට නියෝග කර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන හේතුවක් මත උත්සව සමයේ වෙනත් ප්‍රදේශ වෙත ගමන් නොකරන ලෙස ය.

Read More

අද දිනයේ විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

powercut

අද (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, විදුලි බල මණ්ඩලයට පත් කළ නව සාමාන්‍යාධිකාරිවරයාට විරෝධතාව පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය. අද උදෑසන විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේය.

Read More

ගැස් රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට

unusum puwath sinhala

හැටන් හා දික්ඔය නගරවල සමහර පුද්ගලයන් ගෑස් සිලින්ඩර් වැඩි මිලට විකිනීමත් සමග එම ප්‍රදේශවල ගෑස් පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. ‍මේ පිලිබදව අදහස් දක්ව එම පිරිස් පවසනුයේ මෙම දිනවල සමහර පුද්ගලයන් ගැස් සිලින්ඩරය රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම පුද්ගලයන් සමහර ගැස් අලෙවි නියෝජිතයන්ගෙන් ගැස් ලබා ගෙන මෙසේ වැඩි මිලකට විකිනිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන්ට වැඩි මුදලක් ලබාදි ගැස් ලබා ගැනිමට සිදුව ඇති බවද එම පිරිස් පවසති. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Read More