ලංකාවේ ඊනියා අන්ත වාමාංශිකයන් හා ඊනියා ප්රගතිශීලීන් නම් වන සංරක්ෂණවාදීන්ගෙනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වන පසුගාමී වෘත්තීය ගෝත්‍රික සංවිධානයේ විවිධ මට්ටම්වල සාමාජිකයන්ගෙනුත් බලු බැනුම් අසමින් අපි පසුගිය කාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටියෙමු. එහිදී අප හඳුන්වනු ලැබුවේ සයිටම් එකට පක්ෂ පිරිස් ලෙසයි. සයිටම් විශ්වවිද්‍යාලය යනු දේශීය ව්‍යවසායකයකු වන නෙවිල් ප්‍රනාන්දු විසින් තම අරමුදල් යොදවා කරන ලද අසාර්ථක ව්‍යාපෘතියකි. ලංකාවේ ධනපතියන්ට ලාභ ලැබීමට තිබෙන පහසුම ක්‍රමය වන්නේ මූල්‍ය සමාගමක් අටවාගෙන ව්‍යාපාරිකයන් හා මහජනතාව සූරාකෑමයි. රාජ්‍ය බැංකුවල සිට ගමේ පොළීකාරයා දක්වා පිරිස් කරන්නේ එයයි. එසේ තිබියදී නෙවිල් ප්‍රනාන්දු අතගසන්නේ අතිශය අවදානම්…
Read MoreDay: January 19, 2022
සිම්බාබ්වේ පිල ලකුණු 22ක ජයක් වාර්තා කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1 ට එකක් ලෙස සම තත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත්වුණා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස් කළා. ලකුණු 303ක ජයග්රාහි ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 280ක් පමණයි.
Read Moreඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත උෂ්ණත්වයක්
ඔස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක් එරට ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී තිබේ. පසුගිය 13 වනදා බටහිර ඔස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමාන බව විදෙස් වාර්තා සඳහන් කළේය.
Read Moreවිදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි
සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් නොකළහොත්, අද(19) දහවල් 12.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව විදුලි ඉංජිනේරු සංගමය දැනුම් දෙයි. විධායක කමිටු සාමාජික චරිත ජයනාත් මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ලංකා විදුලි මණ්ඩලයේ අධ්‍ය්‍යක්ෂ මණ්ඩලය විසින් අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බවට අපේක්ෂා කරන බවය. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ (18) අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වුණි.
Read Moreචීනයෙන් හාල් ගෙන්වන්න යයි
හල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් පරීත්‍යාගයක් ලෙස මෙරටට ලබාදීමට චීනය එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනි. ලබන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරර ලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.
Read Moreඅද (19) උදෑසන ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී
අද (19) උදෑසන ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි එක් බලාගාරයක් අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කළේ, ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 150 ක් අහිමි වන බවයි.
Read Moreමත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ලයන් 150 දෙනකු අත් අඩංගුවට
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භවි මසක පමණ කාලයක් තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ලයන් 150 දෙනකු පමන අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ පසු උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භවු බවත් එම උදුවප් පුන් පොහෝ දිනයේ සිට දුරුතු පුන් පොහෝ දිනය දක්වා කරන ලද වැටලිම්වලින් විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගයන් 150 දෙනකු පමන මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවත්ය. මෙසේ මත් ද්‍රව්‍ය රැගෙය ශ්‍රිපාදය වන්දනා කිරිමට…
Read More