හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ. ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික අර්බුදය නිසා මිසක් මිනිහට ‘වස විෂ නැති ගොවිතැන’ ගැන තිබුණ අමාරුවකට නෙවෙයි. කොහොම වුණත් දැන් පේන්න තියෙන සත්‍ය තමයි අගෝස්තු මාසේ විතර වෙනකොට අපිට කන්න නැතිවෙයි කියන එක. රසායනික පොහොර ගහෙන් ගෙඩි එන්න වගේ නතර…
Read MoreDay: May 28, 2022
ගාලුමුවදොර අරගලයට අදට(28) දින 50 යි
ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ. අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන ගාලූමුවදොර අරගල භූමියට හෝ ළගම ඇති නගරයට පැමිණෙන ලෙසයි. ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත්වන ලෙස බලකිරීම ගාලුමුවදොර අරගලයේ ප්‍රධාන තේමාව වුණා. මෙම අරගලයට ලක්ෂ සංඛ්‍යාත පිරිස් එක්වූයේ කිසිදු පක්ෂ, පාට, ජාති, ආගම් භේද මෙන්ම ස්ත්‍රී පුරුෂ…
Read Moreසපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට වැඩ අරඹයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීම සදහා බොරතෙල් ගොඩබෑම් ඊයේ පස්වරුවේ ආරම්භ විය. එහිදී මෙට්ට්‍රික් ටොන් 79,000 ක බොරතෙල් ගොඩබෑමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සම සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ. ඒ් අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද(28) සිට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
Read Moreගෑස් මාෆියාව නවතා ගෑස් ලබා දෙන්න
හැටන් නගරය තුල ක්‍රියාත්මක වන ගෑස් මාෆියාව නවතා ප්‍රදේශයේ ජනතාවට අවශය ගෑස් ලබා දීම සදහා නිසි ක්‍රම වේදයක් සකස් කිරිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් හැටන් දික්ඔය නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මංත්‍රි එස්. කේෂවමුර්ති මහතා නගර සභාව ඉදිරි පිට නිහඩ විරෝධතාවයක් පවත්වන ලදි. පැයක පමන කාලයක් මෙම විරෝධතාවයේ යෙදි සිටි නාගරික මංත්‍රි එස්.කේෂවමුර්ති මහතා පවසන ලද්දේ හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජි ආයතන පහක් හයක් තිබෙන අතර මෙම සෑම ස්ථානයකටම ලැබෙන ගෑස් සිලින්ඩර එකතු කිරිම සදහා නගරයේ හෝටල් හිමියන් දෙතුන් දෙනකු තැරවුකරුවන් යොදවා ගෑස් ලබා ගැනිමට කටයුතු කිරිමත් සමග ප්‍රදේශයේ…
Read More