දර කරත්ත රැකියාව ඇරඹෙයි

දර කරත්ත රැකියාව ඇරඹෙයි

වියලුව තල්දෙන ප්‍රදේශයේ සිට අතීතයේ දිනපතා කරත්ත මඟින් බදුල්ල නගරයට දර ගෙනවිත් විකුණූ ගැමියන් නැවතත් දර කරත්ත රැකියාව ආරම්භ කර තිබේ. පසුගිය කාලයේ කරත්තයක් දැක ගැනීමට නොහැකිව තිබුණ බදුල්ල – මහියංගන මාර්ගයේ මේ දිනවලදී අලුයම් කාලයේ දර ගෙන එන කරත්ත විශාල ප්‍රමාණයක් දැක ගැනීමට තිබේ. ප්‍රදේශයේ ගැමියන් තම ගෙවත්තෙන් හෝ වනයකින් කපා ගන්නා දැව කරත්තයක…

හෙදි විදුහලක් වහයි

හෙදි විදුහලක් වහයි

ඉන්ධන අර්බූදය හේතුවෙන් වවුනියාව හෙදි විදුහල 1 වැනිදා සිට වසා දැමීමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ. ඉන්ධන නොමැතිවීම හේතුවෙන් සිසුන්ට හා කථිකාචාර්යවරුන්ට සේවයට පැමිණීමට නොහැකි වී ඇති අතර ගැස් හිඟය නිසා වවුනියාව හෙදි විදුහලේ නේවාසික හෙදි සිසුවියන් සඳහා ආහාර පිළියෙළ කිරීම විශාල ගැටලුවක් වී තිබේ. දිවා කාලයේදී විදුලිය විසන්ධිවීම හෙදි විදුහලේ දේශන පවත්වා ගෙන යෑමට…

මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි

මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනයවී ඇති බව තහවුරු වෙයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් වී තිබෙයි. ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඇඟලුම් කම්හල් කඩා වැටීමේ බරපතළ අවදානමක්
|

ඇඟලුම් කම්හල් කඩා වැටීමේ බරපතළ අවදානමක්

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද…

විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරයි

විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරයි

“අපිට තියෙන්නේ අපේ ජනතාවට වුවමනා ආහාර ලබාදෙන්න. මුදල් නැත්නම් ඒකටත් ආධාර කරන්න. වැඩසටහන ආරම්භ කරලා රටම එකතු කරගෙන යන්න ඕන. කොට්ඨාස මට්ටමින් මේක කරන්න බලන්න. විපක්ෂයෙන් සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගා කරනවා. ඒක හොඳයි.” “අපි ඒකත් මෙතනට එකතු කරගමු. එතකොට ඒ අයට නැති සහයෝගය මෙතැනින් ලබාදෙන්න පුළුවන්. ඉඩම් නැත්නම් ඇමති බන්දුල ගුණවර්ධන…

ඖෂධ හිඟයෙන් සැත්කම් නවතී

ඖෂධ හිඟයෙන් සැත්කම් නවතී

මෑත ඉතිහාසයේ මුල්වරට රිජ්වේ ආර්යා ළමා රෝහ‌ලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ල පෙරේදා (29) සිට නතර කිරීමට සිදු වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පැවසීය. රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජය විසින් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී බරපතළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය….

දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වෙයි

දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වෙයි

අද දිනයේ සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු හේතුවෙන් කාර්යය මණ්ඩලයට සේවයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ අවලංගු වූ දුම්රිය ගමන්වාර අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බවයි.