ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්

gota-ranil

තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත.

Read More

නැරඹුම් ස්ථානයක් බවට පත් වූ ජනපති මන්දිරය

ජනපති ගෝඨාභය රාජපක්ෂ වාසය කළ ජනපති මන්දිරය මේවනවිට අරගලකරුවන්ගේ නැරඹූම් ස්ථානයක් බවට පත්ව ඇති අයුරු අද දින විදෙස් වාර්තා ගණනාවකින් පෙන්නුම් කෙරිණි. සෙනසුරාදා ජන අරගලය ජනපති මන්දිරය අත්පත් කරගත් පසු මේ වනවිට එම ස්තානයට කැමති කෙනෙකුට ගොස් බලන්නට හැකි ස්ථානයක් බවට පත්කර ඇත. ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාමරය, කායවර්ධන මධ්‍යස්ථානය, ක්‍රීඩාංගණය, පිහිනුම් තටාකය සහ රැස්වීම් ශාලාව ආදියට එහිදී ජනතාවගේ දැඩි අවධානයට යොමුවූ අතර ඇතැමුන් කායවර්ධන මධ්‍යස්ථානයේ, ක්‍රීඩාංගණය සහ පිහිනුම් තටාකයේ ක්‍රියාකාරකම්වල යෙදී සිටි ආකාරය ද දැකගත හැකිවිය.  

Read More

හෙට ජාතික ශෝක දිනයක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. මිය යන විට 67 වියේ පසු වන ඔහු 2020 වසරේ දී සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් ඉවත් විය.

Read More

හෙට ශෝක දිනයක්

ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

කලින් ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතය. පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් ලබන 13 වැනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා පැවසීය.

Read More