LPL තරගාවලිය දින නියමයක් නැතිව කල් දමයි

lpl-t20

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි කල් දමා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයකින් දන්වා තිබේ. ඒ අනුව 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමින් තරගාවලියේ හිමිකම් දරන්නා වන Innovative Production Group FZE (IPG) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ දැක්වේ.

Read More

යුරෝපයේ හදිසි තත්වයක් සමග රතු නිවේදන – දහස් ගණනක් මරුට

එක්සත් රාජධානියේ හදිසි තත්වයක් සමග රතු නිවේදනයක් නිකුත් කර ඇත. උෂ්ණාධික තත්ත්වයෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ක්‍රොඒෂියාව වැනි රටවල ලැව් ගිනි ඇවිළී ඇත. මේ නිසා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක අධික උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපයේ දහසකට වැඩි පිරිස් මියගොස් ඇති බවට ගණන් බලා ඇත. බටහිර යුරෝපයේ ගංගා සිඳී ගොස් ඇති අතර දහස් ගණනක් ජනයා ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇත. මේ වන විට ස්පාඤ්ඤයේ 360 කට අධික පිරිසක් තාපය ආශ්‍රිත බලපෑම්වලින් මිය ගොස් ඇති…

Read More

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වැසෙයි

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇත. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා නව ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට නියමිතය. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 145ක් පොදුජන පෙරමුණ සතුවන අතර සමගි ජනබලවේගය සතුව මන්ත්‍රී ආසන 54ක් පවතී.  

Read More

බොරතෙල් සංචිත සීඝ්‍රයෙන් පහළට

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විටත් ඩීසල් නොමැති කම හේතුවෙන් බලාගාර කිහිපයක විදුලි ජනන කටයුතු සිදුනොකෙරෙන බව වාර්තා වේ. කෙසේවෙතත් බලාගාර සඳහා දැවී තෙල් ප්‍රමාණවත් වන්නේ ද තවත් දින දෙකකට බව සඳහන්ය. මෙම තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් විදුලි කප්පාදු කාලසීමාව ඉහළ නැංවීමට ද සිදුවේ.

Read More

ගෝඨාභය නැවතත් තරගබිමට

gotabaya

හිටපු ජනපති අමරිකාවට යාම අතහැර දමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණ දේශපාලන කටයුතු වලට සූදානම් වන බව වාර්තා වෙයි. සිංගප්පූරුවේ දැනට රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මේ මස අවසානය දක්වා එහි රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉන් පසු දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබේ. මේ අතර උපන් මවුබිමට සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට ඇප කැපවී සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබිණි.

Read More

ඉන්දීය ජනාධිපතිවරණය අද

ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය. ද්‍රෞපදී මුර්මු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති අතර, යෂ්වාත් සිං නියෝජනය කරන්නේ, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි. අද (18) පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එලැඹෙන 21 වැනිදා සිදුවනු ඇත.

Read More

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජිවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා නව ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

Read More