රනිල්ට රතු එළියක්

තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇත. නමුත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බවට ද හෙතෙම සඳහන් කර තිබේ. අරගල කරමින් සිටින ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරන ලෙස එවන් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට තමන් කිසි විටෙක සූදානම් නැති බවත් ඔහු පවසා ඇත. ගොඩනගන පාක්ෂික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂය නියෝජනය කරන අයෙකුට ලබා දිය යුතු බවද අලහප්පෙරුම මහතාගේ අදහස වී ඇත.

Read More

ICX Listed on OKEx Greetings from the ICON Team,

Content What is ICON? ICX Claiming and Unstaking Guide by Everstake How and where to buy ICX crypto tokens ICON offers decentralized applications, inter-channel compatibility, real-time transactions, decentralized exchange, and more. In addition, there is support for artificial intelligence, which is certainly getting ICON out of the pack. The project also uses a decentralized consensus model rather than the unsystematic solutions found in most other blockchains. We compared Kraken and Coinbase side-by-side to uncover the overall cost of trading on the platform, including deposit and withdrawal fees, while considering supported fiat…

Read More

ජනාධිපති විය යුත්තේ ඩලස් ය

හෙට ජනාධිපති ලෙස තේරී පත් වෙන්නට සිතන හතර දෙනාගෙන් රනිල් තමයි වඩාත්ම සුදුසු කියලා සමහරු හිතනවා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදයට විසඳුම ඔහු ළඟ ඇතියි කියලා ඔවුන් සිතීමයි. බැලූ බැල්මට මේ තර්කය සාධාරණයි. දැන් තියෙන්නේ ආර්ථික අර්බුදයක්; ගෝඨාභය පන්නන මට්ටමේ දේශපාලන අර්බුදයක් ආවෙත් ඒ ආර්ථික අර්බුදය නිසයි; ඉතින් ජනාධිපති විය යුත්තේ ආර්ථික අර්බුදයට විසඳුමක් තිබෙන කෙනායි. ඒක තමයි ඒ තර්කය. නමුත් ඒ අදහස වැරදියි. ආර්ථික අර්බුදය නිසා මේ මට්ටමේ දේශපාලන අර්බුදයක් ඇති වුණා කියන එක ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකොට මේ දේශපාලන අර්බුදයට ස්වයං පැවැත්මක් තියනවා. තවත් විස්තර කළොත්,…

Read More

නාගානන්ද පෙත්සමේ තීණ්දුව අද

nagahananda

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ මහ ලේකම් නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය අද (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) දැනුම් දුන්නේය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විිනිසුරු මඩුල්ලක් හමුවේ  සලකා බැලිණී. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති…

Read More

පක්ෂ නවයේ තීරණය අද

parliament-of-sri-lanka

ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පක්ෂ නවයේ කණ්ඩායම සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුදැයි අද තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. එම පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වනවිට සකස් කර ඇති බවත් ප්‍රකාශනය සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට අද නිල වශයෙන් බාරදී ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

මහවිලච්චියේ අඳෝනාව

wattakka

මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති. මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ. එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම ගොවිහු පවසති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු ඉවුර,පේමඩුව,පදිංචි ආර්.එම්.නන්දසේන(48) ගොවි මහතා මෙසේ පැවසිය. ‘අධික මිල ගනන් යටතේ පොහොර ලබාගෙන තමයි වට්ටක්කා වගාව සිදුකළේ. මේවන විට තඹුත්තේගම,දඹුල්ල ආර්ථික මධ්‍යථාන…

Read More

නව ජනපතිගේ වගකීම්

අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සපුරා ආරක්ෂා වන හා ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ රටේ අභිවෘද්ධියට හේතුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීමද නව සර්වපාක්ශික ආණ්ඩුව වෙත පැවැරන වැදගත් වගකීමක් වනු ඇති බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. “අපගේ මාතෘ භූමියට නව නායකත්වයක් තෝරාගැනීම උදෙසා වන තීරණාත්මක කඩඉමකට රටක් ලෙස අප එළඹ ඇත්තෙමු.…

Read More

අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක්

ජන අරගලයේ නිරත පිරිස් “ජන අරගලයේ පුරවැසියෝ” නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (18) බාරදී ඇත. මැතිවරණ කොමිෂන් සභාවට ගොස් එම ලියකියවිලි බාරදුන් බව අරගලකරුවෝ පැවසූහ.

Read More