Day: July 22, 2022
ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ සිට සමස්ත මහා වැඩ වර්ජන දක්වාත්, විවිධාකාරයේ අරගල අපට නොඅඩුව තිබුනි. දේශපාලන පක්ෂ, කැරලිකරුවන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන හෝ වෙනත් විවිධාකාරයේ කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලැබූ අරගලවලින් අපි ස්වයංපෝෂිත වූවාය. මේ අතරින් අපට කිසිදා අමතක කළ නොහැකි ආකාරයේ අරගලයන් මතකයේ තිබේ. ඒ අතරින් 1971 ඇරඹි දකුණේ තරුණයන්ගේ සන්නද්ධ අරගලය, 1980 මහා වැඩවර්ජනය, 1988/89…
Read Moreනව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි
නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබමිනි.ගුණවර්ධන මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස කටයුතු කරයි. නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් 1ට දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සිදු කෙරෙයි.කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී දිවුරුම් දීමේ උත්සවය පැවැත්වේ.
Read More“අද දවස සම්මුතියේ දිනය ලෙස නම් කරන්න” ඩලස් ජනතාවට කියයි
BBC මාධ්‍යවේදීන්ටත් ප්‍රහාරයක් (VIDEO)
අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළේය. බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා ඇත. එහි සිට එම අවස්ථාවේ සජීව දර්ශන ලබාදෙමින් සිටි බීබීසී දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල් ; ඔවුන් BBC මාධ්‍යවේදීන් බව පුන පුනා ප්‍රකාශ කරමින් තිබියදී හමුදා නිලධාරින්ගේ පහර කෑමට ලක්වන ආකාරය සජීව දර්ශන වල සටහන්ව තිබේ. කෙසේ වෙතත් තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම හමුදා පහරදීම්…
Read Moreජාතික ඉන්ධන අවසරපත ගැනීමේදී මුලදී අපහසුතා පැමිණිය හැක
මාස 06 න් ආර්ථිකය ගොඩගන්න පුළුවන්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
ගාලුමුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී උද්ඝෝෂකයින්ට එරෙහිව බලය සහ ප්‍රචණ්ඩත්වය යොදාගැනීම තමන් දැඩිසේ හෙළාදකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. “ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොර රැඳී සිටි විරෝධතාකරුවන්ට ඊයේ රාත්‍රියේ බලධාරින් විසින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස පහරදීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය තරයේ හෙළා දකියි.” “ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබේ. එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ…
Read Moreබලධාරින් වහාම සංයමයෙන් කටයුතු කරන්න
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ද ඊයේ දිනයේ ගාලු මුවදොර ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ, අරගලකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය දැඩි කනස්සලට හේතුව ඇති බවයි. බලධාරින් වහාම සංයමයෙන් කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බවයි ජූලි චන්ග්ගේ ප්‍රකාශයේ දැක්වෙන්නේ.
Read Moreඅරලගකරුවෝ ජාත්‍යන්තර ආරක්ෂාව ඉල්ලති
ගෝඨා ගෝ ගම, මහින්ද ගෝ ගම, රනිල් ගෝ ගම සහ කෝ ඩීසල් ගම ආදී ලෙස විරෝධතාවයන්හි නිරත වූ අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම විරෝධතාවයන් ගෙන් ඉවත් වීමට තීරණය කර ඇත. එසේම තම ජීවිතවලට තර්ජන පවතින බව පවසමින් ඔවුන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස් ලිපියක් බාර දී ඇත.
Read More