ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට දිගු කලක් තිස්සේ විද්වතුන් උපදෙස් දෙමින් සිටියත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, මහ බැංකුවේ හිටපු ප්‍රධානීන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැනි අය සිටියේ එය අවශ්‍ය නැතිය යන ස්ථාවරයේය. කෙසේ වෙතත්, අවසානයේදී පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටියාය. ඒ හා සමාන්තරව විදේශ ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරන බව හා එතෙක් ණය…
Read MoreDay: August 6, 2022
LET’S RESET SRI LANKA
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “LET’S RESET SRI LANKA” තේමාව යටතේ ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) මගින් මෙම සමුළුව සංවිධානය කර තිබෙන අතර අද සහ හෙට එය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී පැවැත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…
Read Moreජනපති රනිල් අරගලකරුවන් හමු වෙයි
අරගලකරුවන් සහ තරුණ පරපුර සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගාලුමුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. දැන් අපට ඇත්තේ ආර්ථික අරගලය ජය ගැනීම බව කරුණු සහිතව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායක කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවද කියා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදි නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය ගැන කථා කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය…
Read More22 සංශෝධනයේ පිතෘෘවරයා මමයි
ඒ ජනපති කීවත්, මේ ජනපති කීවත් ව්‍යවස්ථා විරෝධී දේවල් කරන්නේ නෑ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ගිය සතියේ ලැබිණි. එම සංශෝධනයෙන් රටට වෙන්නේ කුමක්දැයි අරුණට මෙසේ අදහස් දක්වන්නේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂය. ආණ්ඩුව 22 වැනි සංශෝධනය ගේන්න හදනවා. ඊට ඉස්සෙල්ලා 21 ට මොකද වුණේ කියලා කියනවද? විසි එක්වන සංශෝධනය දැනට පාර්ලිමේන්තුවේ තියෙනවා. එය කරුණු අටක් පදනම් කරගෙන ඉදිරිපත් කළ සංශෝධනයක්. එහි වගන්ති හැටපහක් තියෙනවා. ඒ කෙටුම්පතේ බොහෝ වගන්තිවලට ජනමත විචාරණයක අනුමැතියක් ඕනෑ කියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. එම නිසා විසි එක්වන සංශෝධනය ස්වභාවික මරණයක්…
Read More