රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි
| |

රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි

දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්. මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල…

පාස්කු වින්දිතයන්ට ලක්ෂ 400ක්

පාස්කු වින්දිතයන්ට ලක්ෂ 400ක්

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවූල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් පාප් වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ප්‍රධානය කළ බව අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති…

ජැක්සන් වෙනුවෙන් මහින්ද පෙරට
|

ජැක්සන් වෙනුවෙන් මහින්ද පෙරට

හදිසි අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  ගොස් තිබේ. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ තත්වය පිළිබඳව පවුලේ සාමාජිකයන් සමග කතාබහ කර ඇති අතර ඔහුව සුවපත් කර ගැනීමට තමන් සෑම උපකාරයක්ම සිදු කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි
|

ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි

රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ…

දරුවන්ට ගෙනආ යෝජනාවට අනතුරු ඇඟවීම්
|

දරුවන්ට ගෙනආ යෝජනාවට අනතුරු ඇඟවීම්

පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට රජය ගෙනඒමට යෝජිත නව වැඩපිළිවෙල හරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ. “පාසල් යන වයසේ දරුවන්ට පැය 20ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලබාදෙනවලු. නීතිරීති වෙනස් කරනවාලු. අධ්‍යාපනය කඩාවැටිලා තියෙද්දී අධ්‍යාපනය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදනවා වෙනුවට ළමයි රස්සාවට…

න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක්
|

න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්‍රේනය රුසියාව වෙත දැඩි විරෝධය එල්ල කර තිබේ.