වල් ඌරන් හා මුවන් නිසා වගාවන් විනාශයට

කුඩාගම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් එම ප්‍රදේශයේ වගාවන් විනාශ කිරිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ තමන් ඉතාමත් දුක් මහන්සියෙන් සිදු කරන වගාවන් මෙම ප්‍රදේශයේ සැරි සරන වල් ඌරන් හා මුවන් විසින් විනාශයට පත් කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින ආර්ථික ප්‍රශ්න මත යම් අමතර මුදලක් සොයා ගැනිම සදහා දැඩි මහන්සියක් දරමින් අත ඇති මුදල්ද වැය කර තමන් වගාවන් සිදු කලද එම වගාවන් වල් ඌරන් හා මුවන් විසින් මෙසේ විනාශ කිරිමත් සමග…

Read More

වෙළදුන් පාරිභෝගිකයන්ව ගසා කයි

rice

වෙළදුන් විවිධ මිල ගණන්වලට සහල් විකිනිමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන හැටන් නගරයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ නගරයේ සමහර වෙළදුන් සුදු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 250ත් 280ත් රතු කැකුළු සහල් ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, නාඩු සහල් ක්‍රිලෝව රුපියල් 240ත් 280ත්, සුදු කැකුළු සම්බා ක්‍රිලෝව රුපියල් 260ත් 290ත්, කීරි සම්බා ක්‍රිලෝව රුපියල් 280ත් 320ත් අතර මිලකට අලෙවි කරන බවත්ය. මෙසේ සමහර වෙළදුන් සහල් මිල හිතු හිතු ආකාරයට අලෙවි කරමින් තමන්ව ගසා කැමට ලක් කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙකි වෙළදුන්…

Read More

දික්ඔයට දිවි කරදර

diviyan

දික්ඔය වනරාජ නිව්වැලි ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශවල ජිවත්වන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල සිටින පිරිසක් පවසනුයේ මේ වන විට තම ප්‍රදේශවල දිවියන් කිප දෙනකුම සැරි සරන බවත්ය. මේ වන විට තම නිවෙස් වල ඇති කරන සුනඛයන් කුකුලන් වැනි සතුන් හිටි හැටියේ අතුරු දහන් වන බවත් එම සතුන් මෙම දිවියන් විසින් රැගෙන යන බවට සැක කරන බවත්ය. මෙසේ මෙම දිවියන් සවස් කාලයේ හා රාත්‍රි කාලයේ තම නිවෙස් අසල සැරි සරන බවත් මෙම තත්වයන් මත රාත්‍රි කාලයේ හදිසියකට හෝ…

Read More

රුපියල් 15 ක් වූ තැපෑල 50 ක් වෙයි

සංශෝධනය කෙරුණු දේශීය තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පිරිවැය අවම කිරීම සදහා 2018 වසරින් පසුව තැපැල් ගාස්තු එලෙස ඉහළ දැමුණු බවත් ඒ අනුව රුපියල් 15 ක්ව පැවති සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ යන බවත් නියොජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවා.

Read More

ජනපතිගෙන් තවත් නියෝගයක්

රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ. වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද දැනුම් දී ඇත.

Read More

චීන හමුදා ගුවන් යානා තායිවානයට

china-guwan

චීන හමුදාවට අයත් ගුවන් යානා 11 ක් තායිවාන ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා. මෙම ගුවන් යානා සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කර එරට ගුවන් ආරක්ෂණ කලාපයට ඇතුලු වී ඇති බවට තායිවානය චෝදනා කරයි.

Read More

යළිත් වරක් ඉන්ධන මිල අඩුවෙයි

oil

අද (15) දිනයේ දි යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබේ.ඒ අනුව ඉන්ධන මිල අඩුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරේ. ඒ අනුව මීට පෙර අවසන් වරට ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තේය.

Read More