විද්‍යුත් මාධ්‍යටත් ආචාර් ධර්ම පද්ධතියක්

Media

විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකිවන පරිදි විකාශන නීතියක් හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇත. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් මෙම අනු කමිටුව පත්කෙරේ.

Read More

පක්ෂ විපක්ෂ මහජන මන්ත්‍රීවරුන්ට අමුත්තක් නැති කෑම

kama

ලංකාවේ පක්ෂ විපක්ෂ මහජන මන්ත්‍රිවරුන්ට නම් කෑම වූ කළි අමුත්තක් නැත.දියවන්නා හෝටලයේ කෑම,වරායේ කෑම,හිරගෙදර කෑම රසවත්ය මා මිතුරු රංජන් රාමනායකට නම් හිරි ගෙදර කෑම අදට ද අමතක වන්නේ නැත. රජ ගෙදර,සිටු ගෙදර,දුගි පැලේ කෑම ද,මළ ගෙදර කෑම ද ගැන ලියන්ට,කියන්නට,දොඩන්නට හැකිය. අපේ රටේ මැති ඇමති ගොවියන්ට ඇත්තටම කෑම නම් ඉතිං අමු වෙන් ද කිරට, මිරිසට,තෙලට ද මේ ඇත්තන්ට කන්නට හැකිය. ලංකාවේ නම් ඉතිං තලගොයි කඹරගොයි කතාව අගනේ ය.හේනේ කුෂුරේ දී වෑදන් කෑම රසවත්ය.කරවල වාඩියේ කෑම රසවත්ය. රට පාලනය කළ නොකළ කරන්නට මාන බලන මැති ඇමති ඇත්තෝ මේ ඇත්තෝ නිදහසින් පසුව…

Read More

ලෝක සාම දිනය නිමිත්තෙන් පාසල් සිසුන්ට උපකරණ බේදා දීමක්

pasal-upkarana

ලෝක සාම දිනය නිමිති කර ගෙන හැටන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ බේදා දිමක් හා වෛද්‍යවරියක් ඇතුළු පුද්ගලයන් 20 දෙනකු ඇගයිමට ලක් කිරිමක්  සිදු කරන ලදි. ශ්‍රිලංකා සාම විනිසුරු මඩුල්ල විසින් මෙය සංවිාධානය කර තිබු අතර එහි සංනාම තනාපති විශ්ව කීර්ති අචාර්ය ඉලංගො ගාන්ධි මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදි මෙම උත්සවය පවත්වන ලදි. මෙහිදි දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ දන්ත වෛද්‍ය නිලධාරිනි ඊ. එම්.පවිත්‍රා නදිසානි මහත්මිය ඇගයිමට ලක් කරන අයුරු හා පාසල් සිසුවකු සදහා පාසල් උපකරන ලබා දෙන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා

Read More

උප ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබූ,අන්දුගොඩ නායක හාමුදුරුවෝ

thalpe

අපේ කාලයේ බුද්ධ පුත්‍රයකු වු අපේ අන්දුගොඩ හේමාලංකාර නායක හිමියේ සත්තකින්ම සසුන් කෙත අස්වද්දන්නට අපේ පිනට උපන් හිමිනමකි.බුදුන්ගේ අඩි පාරේ යමින් තෙරුවන් සුරකිමින් රටට,සමාජයට,ආගම,දහමට සිදු කරන මෙහෙවර සත්තකින්ම අගය කළ යුතුව තිබේ. ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ කීර්ති ශේෂභාවෝපගත වීමෙන් අනතුරුව 1986 ජුනි 06 දින අන්දුගොඩ පුරාණ මහා විහාරය,අලගොඩ පුරාණ මහා විහාරය,කැළණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමය යන විහාරයන්හි ආධිපත්‍ය උසුලමින් සිටිති. සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා කැප වූ කැළණිය දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමාධිකාරී පුජ්‍යපාද ඇල්ලලගොඩ නන්දරතන හිමියන් වැනි ශිෂ්‍ය පුත්‍රයින් ද තනමින් තම සතර පේරුවේ දායකකාරාදීන්ගේ කුදුමහත් සියලු ආගමික අවශ්‍යතා මැනවින් ඉටු කරමින් ස්වකීය කාර්යභාරය සිදු…

Read More

දරුවන්ගේ කුස ගින්න මැතිසබේටත් එයි

අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය. දරුවන්ගේ ආහාර ප්‍රශ්නය අද බරපතළ තැනක පවතින බව සඳහන් කළ කුමාරසිරි මන්ත්‍රීවරයා ආහාරයට කුරුම්බා ලොඳ ගෙන ආ මිනුවන්ගොඩ පාසල් සිසුවකු සම්බන්ධයෙන්ද ඊයේ මාධ්‍යවලින් තොරතුරු වාර්තාවූ බව ප්‍රකාශ කළේය. පාසල් දරුවකුට රුපියල් 60 කින් දිවා ආහාරය ලබාදිය නොහැකි බවත් මේ ගැටලුව සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය. මාතර…

Read More

කැලණියේ පාසල් දරු දැරියන් කුසගින්නේ

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් දොළහක දරු දැරියන්ගේ පවුල් දරිද්‍රතාවෙන් පෙළෙන බව ඊයේ (22) අනාවරණය විය. එම දරුවන්ට සතියකට දින දෙකක් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කිරිබත්ගොඩ එක්සත් වෙළෙඳ සංගමය ඇතුළු ව්‍යාපාරිකයන් ඉදිරිපත් වී ඇත. ගම් සවියෙන් සිසු දිවිය නම්වූ මෙම වැඩසටහන මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැත්වුණේ කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීෂානි අමරසිංහගේ ප්‍රධානත්වයෙනි. කැලණිය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලය, කිරිබත්ගොඩ, කැලණිය, හුණුපිටිය වෙළෙඳ සංගම්ද මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදී තිබුණි. දරුවන් මන්දපෝෂණයෙන් බේරාගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සජීචි ලියනගේ මෙහිදී කියා සිටියාය.

Read More