මං දැන් පොහොට්ටුවෙද?
|

මං දැන් පොහොට්ටුවෙද?

පිළිතුර පිළිතුර ඔව් සහ නැහැ. ඒ වගේම, ඔව්ත් නැහැ නැහැත් නැහැ. එහෙම කියන්නෙ ඇයි? විස්තරේ පොඩ්ඩක් දිගයි. බනින්න පෙර කියවා බලනු! රාජපක්ෂලාට උපරිම රැලි නිර්මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් මං විවෘතවම රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා. මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බව මං විශ්වාස කරනවා. හැබැයි, නිසි සාක්ෂි…

ඉම්රාන් ඛාන් ට වෙඩි ප්‍රහාරයක්

ඉම්රාන් ඛාන් ට වෙඩි ප්‍රහාරයක්

විරෝධතා පාගමනක් අතරතුරදී පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවය. ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරන විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී ඉම්රාන් ඛාන් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වී තිබුණි.

පාකිස්තානයට සුපිරි ජයක්

පාකිස්තානයට සුපිරි ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගය ලකුණු 33කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 185ක් රැස්කරගැනීමට සමත්විය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව හිමිවූ ඉලක්කය පන්දුවාර 16කදී ලකුණු 142කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා…

ආරක්ෂක හේතූන් මත චීන ජංගම දුරකථනවලට තහනමක්
|

ආරක්ෂක හේතූන් මත චීන ජංගම දුරකථනවලට තහනමක්

චීන ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණ කිහිපයක් මිලදීගැනීම අත්හිටුවීමට අමෙරිකාව සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අලෙවිකිරීම තහනම් කිරීමට සැරසෙන්නේ Huawei, ZTE, Hytera Communications Corp , Hangzhou Hikvision Digital Technology Co සහ Zhejiang Dahua Technology Co යන සමාගම්වල ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත මෙම තීරණය…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිත යි. සූම් තාක්ෂණය ඔස්සේ රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර යි මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතු යි.

යුරෝපා සංගමයෙන් යළි සහතිකයක්

යුරෝපා සංගමයෙන් යළි සහතිකයක්

වත්මන් ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහය වන බව යුරෝපා සංගමය යළි තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ජී.එස්.පී.ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා…