ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (21) දින උදෑසන පැමිණියහ. මෙම පිරිස මහනුවර, බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශ වල සංචාරය කරමින් සහ මෙම ප්‍රදේශ වල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතය. මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත උදෑසන 07.25ට පැමිණ තිබුණි. මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , සංචාරක හෝටල් වල…
Read MoreDay: November 21, 2022
ඉන්දියාවේ අධිවේගී මාර්ගයක වාහන 40ක් ගැටේ
ඉන්දියාවේ පූනේ සිට බැංගොලෝර් නගරය දක්වා දිව යන අධිවේගී මාර්ගයේ නවාලේ පාලම අසලදී දරුණු රිය අනතුරක් සිදු වීමෙන් වාහන 40 කට අලාභානි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. නවාලේ පාලම අසලදී තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. රිය අනතුර සිදුවීමෙන් පසුව ට්‍රක් රථයේ තෙල් කාන්දු වීමෙන් මාර්ගය ලිස්සනසුළු වීම හේතුවෙන් තවත් මෝටර් රථ අනතුරට ලක්ව තිබේ. රිය අනතුර හේතුවෙන් කිලෝ මීටර 2 කට වඩා අධික වාහන තදබදයක් ඇති වී ඇත.
Read Moreමෙරට දරුවන් 56,000ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා – යුනිසෙෆ්
මෙරට ළමයින් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඉන් වයස අවුරුදු පහට අඩු ළමයින් සඳහා ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය බවත් යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බවයි එහි දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 4.8 කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය එම වාර්තාව මගින් පෙන්වා දෙනවා. මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර, 66,000 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා. ශ්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක්ම තම මාසික වැටුපෙන් සියයට 75 ක් වියදම් කරන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමටයි. ඒ හේතුවෙන් අධ්‍යාපන…
Read Moreයුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රොකට් ප්‍රහාරයක්
යුක්රේනයේ සැෆ්රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට නැවත වරක් රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජගත් සංවිධානය මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. යුරෝපයේ පවතින විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙය වනවා.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ජය ඉක්වදෝරයට
2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේ ජය හිමි කර ගැනීමට ඉක්වදෝර කණ්ඩායම සමත් වුණා. ඒ සත්කාරක කටාර් කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජයට පත් කරමින්. තරගයේ 16 වන සහ 31 වන විනාඩිවලදි ඉක්වදෝර ක්‍රීඩක එනර් වලෙන්සියා විසින් එම ගෝල දෙකම වාර්තා කිරීම විශේෂත්වයක්. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එංගලන්තය සහ ඉරානය අතර බී කණ්ඩාය යටතේ එම එක් තරගයක් පැවැත්වීමට නියමිතයි. ඒ කාණ්ඩාය යටතේ තරග වදින සෙනගලය සහ නෙදර්ලන්තය අතර අනෙක් තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read Moreරංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා දිවි ගමන නිමාකරයි
ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන් විදුලි නිවේදකයකු වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 93 හැවිරිදි වියෙහි පසුවිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඇල්ෆ්‍රඩ් පෙපෙර්රා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. ඔහුගේ දේහය මාකොළ සුප්‍රීම් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු දළුගම දේවස්ථාන සුසාන භූමියේදී අනිද්දා (22) පස්වරු 3.30ට සිදු කෙරේ
Read More