කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න

suwasariya

සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය. එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු වී ඇතැයි. සුවසැරිය වෙනුවෙන් මිලියන 220 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ සර්විස් කර ගන්නටවත් නොහැකි වී තිබෙන බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය…

Read More

අරගලයකට ආවොත් හදිසි නීතිය

ranil5

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය. බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ දෙන්නේ නැති බව කීය. රට ගැන සිතා උද්ඝෝෂණ අවුරුද්දකට හෝ දෙකකට නවත්වන්නැයි රටේ සියලුම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. “රටට සංචාරකයෝ පැමිණිය හොත් පමණයි ඩොලර්…

Read More

බෙහෙත් වර්ග 152ක හිඟයක්

sinhala gay katha

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152ක හිඟයක් වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවැසීය. ඖෂධ මිලදී ගැනීමට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරන බවත් මේ සඳහා අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය අවශ්‍ය වන බවත් හෙතෙම කීය. මේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ වැඩපිළිවෙළක් හේතුවෙන් පෞද්ගලික සැපයුම්කරුවන් මේ ක්‍රමයට අනුගත වන්නට කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් මේ සඳහා අනුගත නොවීම බරපතළ ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.

Read More

සිරිදම්ම හිමිට ඇප

siridamma-himi

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් මත මුදා හැර තිබෙනවා. ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල් මහවත්ත මහත්මිය හමුවට ඉදිිරිපත් කරනු ලැබුවා. එහි දී උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම හිමියන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

Read More

තේ කොළවල සැකසහිත රසායනික ද්‍රව්‍යක්

තේ කොළවලට මිශ්‍ර කෙරෙන බවට සැකසහිත රසායනික ද්‍රව්‍ය වර්ගයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය මස 21 වනදා තිනියාවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනෙකු සතුව තිබී සැකසහිත රසායනික ද්‍රව්‍ය කිලෝ 2,000 ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ. අදාළ සැකකරුවන් එම රසායනික ද්‍රව්‍ය ලොරියකට පටවමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සැක පළ කරන්නේ එම රසායනික ද්‍රව්‍ය තේ කුඩුවලට මිශ්‍ර කිරීම සඳහා රැගෙන යාමට සැකකරුවන් උත්සහ දරා ඇති බවටයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය කළ කරුණු වාර්තා කිරීමකට අනුව තේ පර්යේෂණ ආයතනය අදාළ පරීක්ෂණය…

Read More

මෙක්සිකෝවේ භූ කම්පනයක්

earthque

මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. ලාස් බ්‍රිසාස් සිට බටහිර නිරත දෙසින් කිලෝමීටර් 30ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබේ.

Read More