අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින්, කියා සිටින්නේ අදින් 2022 දෙවන පාසල් වාරය අවසන් වන බවත් තුන්වන වාරය ලබන 5වනදා ආරම්භ වන බවයි . එය ක්‍රියාත්මක වන්නේ අදියර තුනකිනි. ඒ අනුව එහි පළමු අදියර එදින සිට ලබන 22 වනදා දක්වා පාසල් පැවැත්වෙනවා. 23 වනදා සිට ලබන වසරේ ජනවාරි 01 දා දක්වා යළි පාසල් නිවාඩුව ලබාදෙන අතර දෙවන අදියර යටතේ ජනවාරි 02 වනදා සිට 20 වනදා දක්වා යළි පාසල් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ජනවාරි 21 වනදා තුන්වන වාරය සඳහා යළි නිවාඩු දෙන පාසල්, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි 19…
Read MoreDay: December 1, 2022
ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහි බොරු තර්ක
අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. මෙම ප්‍රශ්න පිලිබඳ ප්‍රායෝගික මට්ටමේ සාකච්ඡාව එක තලයක පවතිද්දී ඇතැම් වාමාංශික සහ ජාතිකවාදී පිරිස් එයට ප්‍රහාර එල්ල කිරීමට තමන්ගේ එල්බගත් මතවාද මත පදනම් වන බව පෙනෙන්නට තිබේ. ඒවා බොහෝ විට පදනම් වී ඇත්තේ හිතළු සහ ඇතැම් විට අසත්‍ය තර්ක…
Read Moreලබන වසරේ දැවැන්ත අර්බුදයක්
ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
Read Moreඅපි ආයෙත් සයිටම් පටන් ගමු
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය යළි විවෘත කළ හැකි බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී.දිසානායක මහතා පවසනවා. ඒ, අද (01) පාර්ලිමේන්තුව අමතමින්. පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තුවේ සංවාද කිහිපයක් ම ඇති වුණා. එහි දී ජනාධිපතිවරයා හා පක්ෂ-විපක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ම ඒ පිළිබඳ අදහස් දැක්වුවා. එස්.බී දිසානායක පැවසුවේ, සයිටම් ආයතනය නිත්‍යානුකූල බවට අධිකරණයෙන් තීන්දුවක් ලැබී ඇති බවත් ඕනෑ නම් එය යළි විවෘත කළ හැකි බවත් ය. ”තමුන්නාන්සේලා කැමැති නම් අපි ආයෙත් සයිටම් පටන් ගමු” යනුවෙන් එස්.බී.දිසානායක අවධාරණය කළා. මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද…
Read Moreලෝක ඒඩ්ස් දිනය අද
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය. මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය. එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළේය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. ශ්‍රී ලංකාව මෙම තරගය ජයගැනීමත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය…
Read More