wellalage

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය.

එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ibrahim Zadran ලකුණු 162ක් රැස්කළේය.

අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාව මෙම තරගය ජයගැනීමත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1ට 1ක් ලෙස සමවිය.

Similar Posts