මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් අඩුවේ

sahal

මෙරට දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ 10 කින් පමණ අඩුවී ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ සහල් කිලෝ ලක්ෂ 65 ක් පමණ වූ මෙරට දෛනික සහල් පරිභෝජනය මේවනවිට සහල් කිලෝ ලක්ෂ 55 ක් පමණ දක්වා පහත වැටී ඇති බවයි. මෙරට සහල් පරිභෝජන රටාව වෙනසකට ලක්වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය ද ප්‍රකාශ කළා. එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ මෙම තත්ත්වය වී මිලට ද බලපෑමක් එල්ල කර ඇති බවයි.

Read More

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලගතු කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට

sandya

BBC විසින් හෙළිදරව් කර තිබෙන 2022 සඳහා ලොව පුරා සිටින ආනුභාව සම්පන්න සහ බලගතු කාන්තාවන් 100 දෙනෙකුගේ ලැයිස්තුවට සන්ධ්‍යා එක්නැලිගොඩ ද ඇතුළත් කර තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ උද්ඝෝෂකයෙකු වන සන්ධ්‍යා එක්නැලිගොඩ තම ආදරණීයයන් අහිමි වූ දහස් ගණන් මවුවරුන්ට සහ භාර්යාවන්ට උපකාර කරන්නියක් ලෙස යි බී.බී.සීය හඳුන්වා ඇත්තේ. ඇයගේ සැමියා, ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සහ කාටූන් ශිල්පියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ යි. ඔහු 2010 ජනවාරි මාසයේ දී අතුරුදහන් වූ අතර, ප්‍රගීත් එක්නැලිගොඩ රජයේ ප්‍රබල විවේචකයෙකු ද වුණා. දෙමළ කොටි බෙදුම්වාදීන්ට සිදු වූ බව කියන අපයෝජනයන් ද ඔහු විමර්ශනය කළා. ඔහු අතුරුදහන් වූ…

Read More

ඉන්දියාවේ දූවිලි අංශු කොළඹට

duwili-ansu

වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය. එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය. ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු කරගෙන මෙරට වායු දූෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට පෙර දීද සඳහන් කර තිබුණි. ඉන් වැඩිම බලපෑම ඇති කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට එල්ල වී…

Read More

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය

WEATHER

ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall) මහත්මිය පැවසුවාය. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හා බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිකිරිමට සැලසුම්…

Read More

ජනවාරි සිට නතර කරන විදුලි බිල

light-bill

ජනවාරි මාසයේ සිට දැනට ලබාදෙන කඩදාසි විදුලි බිල්පත වෙනුවට රිසිට් පතක් පාරිභෝගිකයන්ට ලබා දීමට විදුලිබල අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවති හමුවකින් අනතුරුවයි. එසේම වීදි ලාම්පු සවි කිරීම සහ වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමටත් අවධානය යොමුව තිබෙනවා. ඊට අමතරව වියදම් අවම කිරීමට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග ගැනද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි පැවසෙන්නේ.

Read More

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත සම්මත කරයි

කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ. අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කළා. ඒ කොන්දේසි තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව කැසිනෝවලට ලයිසන් දෙන්න තමා මේක ගෙනාවේ. අපි ඒකට දැඩිව විරුද්ධයි. ඊට පස්සේ අපි කිව්වා, අපි මේක දෙන්නනම්, නියාමන අධිකාරියක් කවද්ද පිහිටුවන්නේ, කවුද ඒකට වගකියන්නේ, මොනවද ඒකට තියෙන වගකීම් කියලා අපිව දැනුවත් කරන්න කියලා. ඔවුන් කිව්වා 24 අවසන් වෙනකල් ඕන කියලා. අපි ඒක…

Read More