සුමිත්‍රා නම් සිංහල සිනමා ඉතිහාසය…!

‘දෙලොවක් අතර’: මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම තමයි මේ චිත්‍රපටය අස්සේ අපිට පේන්නේ. දැනෙන්නේ. ඉහළ සමාජ පසුබිමක ජීවත්වෙන නිශ්ශංක විජේසිංහ තමයි මේ චිත්‍රපටියේ කතා නායකයා. මේ චරිතය රඟන්නේ ටෝනී රණසිංහ. මේ චිත්‍රපටයේ සමහර දර්ශන තවමත් මට මතකයි. ඒ මේ චිත්‍රපටය ඒ තරමට ජීවිතය අස්සට කිඳාගෙන බැස්ස නිසා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කළේ ලෙස්ටර් පීරිස් වුණාට මේ චිත්‍රපටය සංස්කරණය කළේ සුමිත්‍රාවන්. සුමිත්‍රා පීරිස් තමයි මේ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා. ෆිල්ම් එකක…

Read More

එන්එස්එල් සිව්දින ක්‍රිකට් අද ඇරඹේ

දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද (19) ආරම්භ වෙයි. මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ 26ක ක්‍රීඩකයෝ 101ක් මේ තරගාවලියට එක් වන අතර, ඔවුන් කලම්බො, ගෝල්, කැන්ඩි, දඹුල්ල සහ ජැෆ්නා ලෙස කණ්ඩායම් 5ක් යටතේ තරග වදිති. එහිදී ගෝල් කණ්ඩායමට ක්‍රීඩකයන් 21ක් ඇතුළත් වන අතර, සෙසු කණ්ඩායම් 4ට ක්‍රීඩකයෝ 20 බැගින් ඇතුළත් කර තිබේ. පසුගිය වසරේ පළමු වරට පැවති තරගාවලියේදී කැන්ඩි කණ්ඩායම ශූරතාව කරා ගෙන ගිය කමිඳු මෙන්ඩිස් මෙවර…

Read More

ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි

සම්මානලාභී ප්‍රවිණ විත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. අද්විතීය සිනමාකරුවෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය මිය යන විට 88 වැනි වියේ පසුවුණි. සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත. ඇය විසින් එදා මෙදා තුර අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පවා පාත්‍ර වුණා. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි. 1978 දී ඇරඹි ඇගේ සිනමා නිර්මාණ චාරිකාවේ ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද විශිෂ්ට, කලාත්මක හා සිනමානුරූපී චිත්‍රපට රැසකි. ගැහැනු ළමයි…

Read More

මදන මෝදක ගැන හෙළිදරවුවක්

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබේ. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි පවසා ඇති මහේස්ත්‍රාත්වරයා, ආයුර්වේද පනත පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බව සඳහන්. මද මෝදක 22ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකුට එරෙහි ව පනවා තිබූ නඩුවක් විභාග කරන අතරේ යි මහේස්ත්‍රාත්වරයා මේ බව අවධාරණය කර තිබුණේ.

Read More

ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

wannila-aththo

තම අයිතිවාසිකම් කඩ වන බව පවසමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලෙසයි එම පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ. ආදිවාසි ජනතාවගේ අයිතිවාසිනම් කඩවීම හා ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් පනතක් තහවුරු කරන ලෙස ඉල්මින් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මානව හිමිනම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. මේ අතර, මෙරට ආදීවාසී ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු මූලික කර ගනිමින් සැකසුණු ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීමේ වැඩසටහනත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

Read More

උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න

exam department

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය විසන්ධි නොකර අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් සහ ලෙකෝ ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. මේ මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් මේ කාල සීමාව තුළදී විදුලිය විසන්ධි වීම සිදු වුවහොත් උසස් පෙළ විභාගයට බාධා විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවැති අතර ඊට සහභාගී වෙමින් ඒ මහතා…

Read More

23 වනදා සිට කළු සතියක්

GMOA – Government Medical Officers' Association

රටේ රෝහල් පද්ධතිය තුළ හටගෙන ඇති ඖෂධ හිඟය සහ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් ලබන 23 වනදා සිට “කළු සතියක්“ ප්‍රකාශයට පත් කිරිමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ එම සංගමයේ විධායක සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඊට අදාළ අනුමැතිය හිමිවු බවය. ඊට සමගාමීව එළඹෙන සිකුරාදා දිනයේ කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධානය කර ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සදහන් කළේය.

Read More