මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර හමුවක්
|

මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර හමුවක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර අද (26) සාකච්ඡාවක් පැවැත්විය. ඊට පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. එහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉවත්වීම සහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ නීතිය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කර ඇති…

යුරෝපා රටවල පළගැටියන් කුරුමිණියන් ආහාරයට ගැනීමට අවසර
|

යුරෝපා රටවල පළගැටියන් කුරුමිණියන් ආහාරයට ගැනීමට අවසර

යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන්හි ජනතාවට කෘමීන් ආහාරයට ගැනීමට අවසරය ලබාදීමට යුරෝපියානු කොමිසම පසුගියදා පියවර ගෙන තිබේ. ඒ අනුව නිවෙස්වල සිටින පළඟැටියන් වේලා, කුඩු බවට පත් කර ආහාරයට ගැනීමේ අනුමැතිය මේ හරහා ලැබී තිබේ. යුරෝපියානු ආහාර සුරක්ෂිතතා අධිකාරියේ විද්‍යාත්මක උපදෙස් යටතේ මෙම අනුමැතිය හිමිව තිබේ. මෙහිදී ධාන්‍යමය ආහාර, විස්කෝතු, පීසා, පැස්ටා පාදක නිෂ්පාදන වෙත මෙම කුඩුකරගත්…

ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්

ඖෂධ හිඟය ගැන WHO කාර්යාලයට පැමිණිල්ලක්

බලධාරීන්ගේ නොසැලිකිලිමත් භාවය නිසා රට මුහුණ පා ඇති ඖෂධ හිඟය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට පිහිටි කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, අද (26) පෙරවරු 10.00ට එම පැමිණිල්ල සිදුකිරීමට නියමිත බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කළු සතියට සමගාමීව අද දිනයේ මෙම…

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ…

යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
|

යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි

යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.