ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

karu

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත. දේශබන්ධු කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකමතික එකඟතාවය ලබා දී තිබේ. එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාධි ජනරජය තුළ ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් පමණක්…

Read More

අවිවාහකයන්ටත් දරුවන් බිහිකිරීමට ඉඩ

අවිවාහක පුද්ගලයින්ට නීත්‍යානුකූලව දරුවන් බිහිකිරීමේ අවසරය ලබාදීමට සිචුආන් පළාතේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ට ඒ සඳහා සෞඛ්‍ය කොමිසම හමුවේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව විවාහක පුද්ගලයින් සඳහා හිමිවන වරප්‍රසාද අවිවාහක පුද්ගලයින්ට ද හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1980 වසරේ සිට 2015 දක්වා චීනය රජය විසින් ක්‍රියාත්මක කළ දරුවන් දෙදෙනෙකු පමණක් යන ප්‍රතිපත්තිය එරට ජනගහනය පහළ යාම සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විශ්ලේශකයින් පෙන්වා දී තිබෙනවා. දශක 04 කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක කළ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට චීනය…

Read More

ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවීම හෙට

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ දැන්වීම හෙට (01) ජාතික පුවත්පත් හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීරණයේ දී රැස් වූ අතර එහි දී තීරණය කර ඇත්තේ, ලබන මස 15 වනදා දක්වා මීට අදාළ අයදුම්පත් භාර ගැනීමට යි.

Read More

“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා. Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්‌ පමණයි අවසානයේ ටොම් කරන් සහ මතීෂ පතිරණගේ මේ විශිෂ්ඨ පන්දු යැවීම නිසාවෙන් Desert Vipers ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය. මෙහිදී විස්තර විචාරයේ දී සිටි සයිමන් ඩූල් මහතා වසීම් අක්‍රම් මහතා මතිෂ ගැන…

Read More

මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

weather

අද (31) දිනයේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ. ගිනිකොණ දිග හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය, හෙට උදෑසන වන වට මෙරට වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි. වයඹ හා උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව…

Read More