තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී ඇත. ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.2022 වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් 56000 ක් උග්‍ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ළමුන් 18420 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් එම වාර්තාවේ දැක්වේ. ඖෂධ හිඟය, ප්‍රමාණවත් පරිදි…

Read More

ඊළඟ පරපුර වෙනුවෙන් එකතු වෙන්න

karujaya

වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය. තම දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බව සිහිපත් කළ කරූ ජයසුරිය මහතා තමා කිසි විටෙක නීති විරෝධී කටයුත්තක් නොකළ බවද පැවසීය. නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කළ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කළ බවත් මෙම ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය තමන් අනුගමනය…

Read More

දහතුනේ බලතල හෙවත් ගමරාළගෙ තෙල් කුප්පිය

india-srilanka

ගමරාළගේ කෙස් ඉදෙන්නටත්, කොණ්ඩෙ හැළෙන්නටත් විය. ඒ ගැන විස්සෝප වූ ඔහු ප්‍රසිද්ධ වෙද මහතකු හමු වී වටිනා තෙලක් ගෙන ආවේය. එය කෙතරම් වටින්නේද යත්, ගම මහගේ එය ඇගේ පෙට්ටගමේ සඟවා තැබුවාය. ගමරාළ උදේට කුඹුරට යන්නට ලෑස්ති වී තෙල් ටිකක් හිසේ ගාගැනීමට ඉල්ලූ විට ගම මහගේ කියන්නේ “මොකටද ඔච්චර වටින තෙල මඩට යනකොට ගාගෙන යන්නෙ?” කියාය. නාගෙන හවස ගෙදර එන ගමරාළ “ඔන්න ඔය තෙල් ඩිංගක් දියන් ඔලුවෙ ගාගන්න” කිව්වාම ගම මහගේ කියන්නේ “ඕක දැන් ගෑවොත් වෙන්නෙ පැදුරෙ ගෑවෙන එක විතරයි, දැන් එපා,” යි කියාය. මෙසේ බොහෝ කලක් ගෙවිණි. ගමරාළගේ තට්ටය පෑදුණු…

Read More

ගිලුණු නෞකා වලින් ගොඩ යන සැලැස්මක්

මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළදී මුහුදුබත් වූ නෞකා නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව හා පෞද්ගලික අංශයේ සංචාරක සමාගම් එක්කර ගනිමින් එම වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළ මුහුදු බත් වී ඇති නෞකාවන් සංඛ්‍යාව 47ක්. එම නෞකා දැකබලා ගැනීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් රැසක් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මුහුදු පතුලේ කිමිද ඒවා ඡායාරූප කිරීම මෙන්ම ගවේෂණය කිරීම සඳහා ජාත්‍යන්තර කණ්ඩායම් රැසක්ද සිටියි. එමෙන්ම,…

Read More

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පෙබරවාරි 22, 23 සහ 24

postal-vote

2023 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 9 වැනි දා පැවැත්වීමට යි දැනට නියමිත ව ඇත්තේ.

Read More