චීනය ශ්‍රී ලංකාවේ ණය ගැන ලබා දුන් තීරණය

2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලී අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇත. චීන විදේශ අමාත්‍යාංශයයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් මෙරට මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවයි. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ පීඩනයෙන් මිදීමට උපකාර වනු ඇතැයි ඇය සදහන් කළාය. “චීනයේ එක්සිම් බැංකුව විසින් නිල ද්විපාර්ශ්වික ණයහිමියා ලෙස ශ්‍රී ලංකාවේ මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ලේඛනයක් ලබා දෙමින්, 2022 සහ 2023 වසර…

Read More

ඒකීය රාජ්‍යක් තුළ උපරීම බලය බෙදාදීමක් අවශ්‍යයි

75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කළේය. මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ලබා ගැනීමට කැපවුණු, වෙහෙසුණු ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුදකරමින් මම කතා කරන්න යන්නේ, අපට ලැබුණු නිදහස ගැන නෙවෙයි. අද අපට අහිමි වෙලා තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි. මීට අවුරුදු 75කට කලින් ලංකාවට නිදහස ලැබූ අවස්ථාවේ කීර්තිමත් “ලන්ඩන් ටයිම්ස්” පුවත්පතේ කතුවැකියේ මෙසේ සඳහන් වුණා. “ලංකාව නුදුරේදීම පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීම අපේ අපේක්ෂාවයි” කියලා. වෙනත් කිසිඳු පෙරදිග රටක් පිළිබඳව ඔවුන් එවැනි අපේක්ෂාවක් ඇතිකර ගත්තේ නැහැ. එහෙත්…

Read More

ආචාර්ය විමුක්ති ජයවීර (37) හොරණදී හදිසි අනතුරකින් මරුට

තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරාසුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණ විද්‍යාඥයකු ගෝනපොල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි මියගිය බව මොරගහහේන පොලිසිය කියයි. අනතුරින් මිය මියගොස් ඇත්තේ ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැත්තෙකි. මියගිය විමුක්ති මහතා මාස තුනක් වයසැති තම කුළුඳුල් දරුවාට අද අළුයම ලබාදීමට නියමිතව තිබූ කිරි දානය සඳහා මල් රැගෙන ඒම සඳහා පිලියන්දල ප්‍රදේශයට ගොස් යලි නිවස කරා පැමිණීමේ දී ටෙලිකොම් ආයතනය මගින් සිදුකළ සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ…

Read More