IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් සාක්ෂාත් කර ගැනීමටත් කැපවන බව ජනාධිපතිවරයා කීය. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා IMF වැඩසටහන…
Read MoreDay: March 20, 2023
මාර්තු 30වනදා සිට පාසල්වල වෙනසක්
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරන්නේ, මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බවයි. ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදුකරන බවත් ලබන මාසයේදී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් එතුමා සදහන් කරයි. එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමටද සැලසුම්කර ඇති බවත් ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ…
Read Moreරනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා
රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධාන බහුතරයක් ඉන්නෙ අරගල-පෙරටුගාමී-ජාජබ ලයින් එකේ. යූඑන්නෙක, අයියෙන්ජීඕ, එන්ජීඕ නිසා තමයි අපිත් ඔය හෝටල්වලින් කෑවෙ. ලංකාවෙ දරිද්‍රතාවයට, කාන්තා හිංසනයට, ජනවාර්ගික ප්‍රශ්නයට පිංසිද්දවෙන්න වැඩමුළු, සම්මන්ත්‍රණ අරවා මේවා නිසා මේ මාත් ඔය හැම ජාතියකම තරු…
Read Moreතම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්
තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී තිබේ. ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛන්ඩව සිදු කරන බවයි. ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදුකරන යුද අභ්‍යාසය මේ දිනවල පැවැත්වෙන අතර, උතුරු කොරියාව ද ඊට සමගාමීව පසුගිය සතියේ මිසයිල කිහිපයක්ම අත්හදා බලා තිබුණා.
Read Moreනීතිඥ සාලිය පීරිස් අධිකරණය හා විධායකය ගැන කතා කරයි
අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති සාලිය පීරිස් මහතා පවසා සිටී. රටේ විධායකය එලෙස හැසිරෙන්නේ නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් මෙය විධායකය විසින් ලබාදෙන ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස මීට එරෙහිව නැගී සිටීම ඔවුන්ගේ යුතුකමක් බවත් පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර තිබේ.
Read Moreආර්ථික අපහසුතා නිසා මිනිසුන්ගේ දේවල් සොරානොගෙන දෙවියන්ගේ දේ සොරාගත් අයගේ පාපොච්චාරණය
පසුගිය 9 වැනිදා රාත්‍රියේ මීගමුව පිටිපන වීදියේ ශාන්ත මරියා දේවස්ථානයට රහසේ ඇතුළුවී එෆ්. එම්. වර්ගයේ මයික්‍රෆෝන 4 ක් හා පඬුරු පෙට්ටිය කඩා මුදල් සොරාගත් බවට දුන්ගාල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර අදාළ පුද්ගලයා සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට පෙර පිටිපන මහ පල්ලියට දෙවතාවක් ද කුරණ ශාන්ත ආනා දේවස්ථානයට 11 වතාවක් ද, බෝලවලාන ශාන්ත මරියා දේවස්ථානයට 2 වතාවක් ද ඇතුළුවී පඬුරු පෙට්ටි කඩා මුදල් සොරාගෙන ඇති බව හෙළිවිය. තවද බෝලවලාන දේවස්ථානයෙන් රු. ලක්‍ෂ 4 ක් පමණ වටිනා ඕගනයක් ද…
Read More18 වංගුව 02වැනි වංගුවෙන් වැසේ
මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය 02වැනි වංගුවෙන් තාවකාලිකව වසා දමා තිබේ. එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට පස් සහ ගල් කඩා වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දෙවන වංගුව ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව ද පොලීසිය සඳහන් කරයි. වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බැවින් අවදානම් තත්ත්වය පිළිබඳ සලකා බලා මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Read More