දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා සිටියේය. අද මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳ සියලු මාධ්‍ය හිතවතුන්ට මම ස්තූතිවන්ත වෙනවා.…
Read MoreDay: March 23, 2023
ජල සම්පාදන සේවකයෝ නඩත්තු කටයුතුවලින් ඉවත්වෙති
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කර ඇත්තේ, අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ය. වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා අද දිනයේ ඉටු නොවන අතර අයකැමි අංශ ද වසා දැමීමට සැලසුම් කර තිබේ. රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, මෙම වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12.00ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය…
Read Moreරටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්
ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත. ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපුංචි ඡන්දය ගැන කතා කරන්න අදත්(23) හමුවක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (23) රැස් වී විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත යි. ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීමටත් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීිමටත් මැතිවරණ කෙමිසම අද පෙරවරු 10ට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් කැඳවා තිබේ. අයවැයෙන් පලාත් පාලන ඡන්දට වෙන්කළ මුදල් ලබාදිය යුතු බවට අධිකරණය ලබාදුන් නියෝගයට පටහැනි ව මහා භාණ්ඩාගාරය කටයුතු කිරිම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරදීම රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කිරිම ආදි ගැටලු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන් සහ නියෝජිතයන්ගෙන් අදහස් ලබා ගැනීමට…
Read More