සේවා දායකයෙක් අපි ගාවට ආවොත් සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්

හරක් කටා වෙනුවෙන් පෙනී සිටින ගමන් පොලිස්පති වෙනස් කරන්න උපදෙස් ලබාදෙන බව කියමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඩීවී චානක මන්ත්‍රීවරයා නම නොකියා විවේචනයක් සිදු කළ නීතීඥවරයෙකු ගැන කථාබහක් මතුවිය. මේ අදහස් අතරේ ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය. “අපි ජනාධිපතිතුමාට ලිව්වා නිකැලැල් පුද්ගලයෙක් පොළිස්පති ධූරයට පත් කරන්න කියලා. ඊට පස්සෙ තමයි මට ඇහුනේ පොලිස්පතිව තෝරන්නේ අහවල් සංවිධානාත්මක අපරාධකරුගෙ නීතිඥවරයද කියලා ව්‍යවස්ථාදායකය තුළ ප්‍රශ්න කෙරෙනවා. මේ රටේ පොලිස්පති ධූරයට පත් කරන්න ඕනේ නිකැලැල් පුද්ගලයෙක්. අපේ රටේ ආයතනවල දුර්වලවීම තමයි මේ රටේ නීති ආධිපත්‍යට…

Read More

ළමා මන්දපෝෂණය ගැන සෙවීමට විශේෂ කාරක සභාවක්

mandaposanaya

මෙරට ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා. එම කමිටුව හරහා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම නියමිතයි. මීට අමතරව එම කාරක සභාව හරහා හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කෙරෙනු ඇති. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නම් කරන ලද සාමාජිකයින් වන්නේ., වඩිවේල් සුරේෂ් මහතා (සභාපති) නලීන් ප්‍රනාන්දු මහතා සීතා අරඹේපොළ මහතා අරවින්ද කුමාර් මහතා ගීතා කුමාරසිංහ මහත්මිය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගයාශාන් නවනන්දන මහතා සිවඥානම් ශ්‍රීදරන් මහතා වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා රෝහීණි කුමාරි විජේරත්න මහත්මිය වෛද්‍ය උපුල් ගලප්පත්ති…

Read More

ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙතුමා රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීමට සමත් වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වනවා. එමෙන්ම ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඒ මහතා අද උදෑසන දිවි මඩලට සමු දී තිබෙනවා. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Read More

සුනාමියක් ඇති කළ හැකි ප්‍රබල න්‍යෂ්ටික අවියක්

උතුරු කොරියාව විසින් සිය සතුරු නාවික යාත්‍රා සහ වරායන් විනාශ කිරීම සඳහා “සුනාමියක්” ඇති කළ හැකි න්‍යෂ්ටික ප්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි. සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික බලය සහිත දිය යට ක්‍රියා කරන ඩ්‍රෝනයක් උතුරු කොරියාව අත්හදා බලා ඇති අතර එය දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද ඇත. උපාය මාර්ගික මෙම ඩ්‍රෝන අවිය නිපදවීමේ අරමුණ ලෙස සතුරු සීමාවට සතුරන්ට නොදැනෙන පරිදි ඇතුළු වී විකිරණශීලි සුනාමියක් ඇති කිරීමෙන් සතුරු ඉලක්ක විනාශ කර දැමීම බව මාධ්‍ය වාර්තා කරයි.  

Read More

අමෙරිකාව යුද්ධය අරඹයි.. ගුවන් ප්‍රහාර

අමෙරිකානු හමුදා විසින් ඊයේ (23) දින රාත්‍රියේ සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි. එම ප්‍රහාර එල්ලකර ඇත්තේ ඉරානයේ සහාය ලබන සටන් කණ්ඩායම් එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අමෙරිකානු කුලී භටයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරුව ය. අමෙරිකානු හමුදා කණ්ඩායම් වෙත ප්‍රහාරය සිදුකර ඇත්තේ සිරියාවේ හසාකා නම් ප්‍රදේශයේදීය

Read More