සේවා දායකයෙක් අපි ගාවට ආවොත් සීමිත හේතූන් මත මිස ප්‍රතික්ෂේප කරන්න බෑ – සාලිය පීරිස්

හරක් කටා වෙනුවෙන් පෙනී සිටින ගමන් පොලිස්පති වෙනස් කරන්න උපදෙස් ලබාදෙන බව කියමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඩීවී චානක මන්ත්‍රීවරයා නම නොකියා විවේචනයක් සිදු කළ නීතීඥවරයෙකු ගැන කථාබහක් මතුවිය. මේ අදහස් අතරේ ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය.

“අපි ජනාධිපතිතුමාට ලිව්වා නිකැලැල් පුද්ගලයෙක් පොළිස්පති ධූරයට පත් කරන්න කියලා. ඊට පස්සෙ තමයි මට ඇහුනේ පොලිස්පතිව තෝරන්නේ අහවල් සංවිධානාත්මක අපරාධකරුගෙ නීතිඥවරයද කියලා ව්‍යවස්ථාදායකය තුළ ප්‍රශ්න කෙරෙනවා. මේ රටේ පොලිස්පති ධූරයට පත් කරන්න ඕනේ නිකැලැල් පුද්ගලයෙක්.

අපේ රටේ ආයතනවල දුර්වලවීම තමයි මේ රටේ නීති ආධිපත්‍යට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. විශේෂයෙනම් පොලිසිය හරහා මේ පනත්වල අවභාවිතය සිද්ද වෙන්නේ. මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් විවිධ අවස්ථාවල අවභාවිතා කරලා තියෙනවා.

මම එක නඩුවක් කරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ කාන්තාව අවුරුදු 4ක් රිමාන්ඩ් භාරයේ හිටියා. චෝදනාව තමයි පොලිසියට තොරතුරු ලබා දුන්නෙ නැහැයි කියලා. ඒ පොලිසිය කරපු ප්‍රකාශය කියවගෙන යනකොට පේනවා ඒ කාන්තාව කියලා තියෙන්නේ අහවල් අහවල් අය එල්.ටී.ටී සංවිධානයට සම්බන්ධයි මම ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නා. ඒ වුණාට ඒ කාන්තාව පොලිසියට අරගෙන. ඇයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ චෝදනා මත ඩීඕ ගහලා, නීතිපතිවරයා මඟින් අධි චෝදනාවක් ගොනු කරලා තමයි නඩුව ඉවර කරන්නේ. ඒකට වගකියන්න ඕනෙ ඒ විවිධ ආයතන.

පොලිසියේ ක්‍රියාපටිපාටිය නිවැරදි කරන්නෙ නැතුව මම හිතන්නෙ නැ අපේ මේ නීතිය අවභාවිතා කරන එක නවත්වන්න පුළුවන් කියලා. දෙවැනි කාරණාව තමයි සමාජ ආකල්ප. 2009 ආරක්ෂක ආමාත්‍යංශේ වෙබ්සයිට් එකේ මේ රටේ ජ්‍යෙෂ්ඨතම නීතිවරු කීප දෙනෙක්ගේ ඡායාරූප දාලා ද්‍රෝහී නීතිඥවරු කියලා දාලා තිබුණා. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සමාජ සැකකරුවන් වෙනුවෙන් පෙනීහිටියා කියලා.

නීතිඥවරුන්ගේ කාර්‍යභාරය කියන්නේ නීතියට අනුව නඩු අහලා දඬුවම් කරන්න හෝ නිදහස් කරන එකයි. අපිට ඩීඅයිජී කෙනෙක්ට , එස්පී කෙනෙක්ට , පොලිස්පතිට ඉඩ දෙන්න පුළුවන්ද පුද්ගලයන්ගේ ජීවිත පිළිබදව තීරණය කරන්න. අහවලා ජීවත් වෙන්න ඕනේ අහවලා මැරෙන්න ඕනේ කියලා පොලිස් නිලධාරීන් අතට දෙන්න පුළුවන්ද?

එක කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ද්‍රවිඩ සැකකරුවන්ට විරුද්ධව චෝදනා තියෙනකොට ඒ වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉන්න කොට, මාත් පෙනී ඉඳලා තියෙනවා. අපිව විවේචනය කරන්න පටන් ගත්තා, අපි ද්‍රෝහීන් කියලා.

මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ නීතියේ ක්‍රියාදාමය තියෙන්නෙ ඇයි කියලා.

අපි ගාවට සේවා දායකයෙක් ආවොත් සීමිත හේතූන් මත මිස අපිට ඒ සේවා දායකයගේ නඩුව ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඕනම ශිෂ්ඨසම්පන්න රටක පොලිසිය විසින් මරන්න අවසරයක් නැහැ. කට්ටියම ගෙනිහිල්ල එහෙනම් ගෝල්ෆේස් එකට ගිහිල්ලා මරන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්නෙ නැත්තේ ශිෂ්ඨසම්පන්න රටවල නීතියේ ආධිපත්‍ය තියෙන නිසා. ඔය සමාජ මාධ්‍යවල කතා කරන අය පවා ඒ අයට නඩු පැවරුනාමත් තේරුම් ගන්න වෙයි නීතිඥවරුන්ගේ කාර්‍යයභාරය මොනවද කියලා.

මම දැක්කා එක පොලිස් නිලධාරියෙක් කියනවා අපි පැමිණිල්ලේ කාරණාව විතරයි විභාග කරන්නේ. අපි විත්තිය කියන දේ විමර්ශනය කරන්නෙ නැහැයි කියලා. ඒක එහෙම වෙන්න බැහැ. ඒක පර්ශවික විමර්ශන කරලා සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. 80 ගනං වල හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපති අපේක්ෂකයට නීතිපතිවරයා විසින් නඩු පැවරුවා ව්‍යාජ ලේඛනයක් මුද්‍රණය කරයි කියලා. පහුගිය කාලේ විටින් විටින් විට විධායකය විසින් අධිකරණයට බලපැම එල්ල කරන්න උත්සහ කරනවා. ඒක කවුරු ජනාධිපති වුණත් ඒ බලපෑම විටින් විට තියෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය අපි ආරක්ෂා කරන්න ඕනේ.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….