අරගලය, වසරකට පසු

අරගලය, වසරකට පසු

අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට “අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරි⁣කොතේය”. එමගින් එම මිතුරා අදහස් කළ දෙය විය හැක්කේ රනිල් වික්‍රමසිංහ විසින් සෘජුව හෝ වක්‍රව මෙහෙයවූන පිරිස් ද “අරගලයේ” සිටි බව හා බලය නිසා ඔවුන් දැන් ආණ්ඩුවාදීන් වී ඇති බවයි. අපගේ නිරීක්ෂණයට අනුව අරගලයේ පිරිස් අද හැම තැනකම…

විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද?
|

විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද?

මේ වෙනකොට උසස් පෙළ උත්තර පත්‍ර බැලීම දින 50ක පමණ කාලයක් ප්‍රමාද වෙලා. උසස් පෙළ සිසුන්ගේ ජීවිත කාලයෙන් දින 50ක් මේ. තාරුණ්‍යයෙන් දින 50ක්. මේ වන විට තවදුරටත් ප්‍රමාදයට තියෙන්නෙ එකම හේතුවයි. උසස් පෙළ උත්තර පත්‍ර බලන්නට නම් තමන්ගෙන් ඉහළ පුද්ගල ආදායම් බද්ද අය නොකරන ලෙස හෝ සහන දෙන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටිනවා. ඉහළ…

බස්රථ ප්‍රවාහන සේවා අඩාල වීමේ අවදානමක්

බස්රථ ප්‍රවාහන සේවා අඩාල වීමේ අවදානමක්

අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය අවුරුදු සමයේදී අඩාළ වීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. බස්වලට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඩාළ වීමේ අවදානමක් ඇති බවත් බස් රථයකට ලබාදෙන ඉන්ධන ලීටර් 60 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි. එම ලීටර් 60ක ප්‍රමාණයෙන් ගමන් කළ හැක්කේ කිලෝ…

IMF රැස්වීමක් අද වොෂිංටන්හිදී

IMF රැස්වීමක් අද වොෂිංටන්හිදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සාමාජිකයින් සහභාගීවන රැස්වීමක් අද (10)වොෂිංටන්හිදී ආරම්භ වෙයි. ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙන එම රැස්වීම සඳහා මෙරට නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගිවීමට නියමිතයි. මෙම රැස්වීමේදී මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.