අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය අවුරුදු සමයේදී අඩාළ වීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි.

බස්වලට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අඩාළ වීමේ අවදානමක් ඇති බවත් බස් රථයකට ලබාදෙන ඉන්ධන ලීටර් 60 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද සභාපති සම්පත් රණසිංහ සදහන් කරයි.

එම ලීටර් 60ක ප්‍රමාණයෙන් ගමන් කළ හැක්කේ කිලෝ මීටර් 150ක දුරක් පමණක් බවත් එය බස්වලට ප්‍රමාණවත් නොවීම නිසා සියලුම බස් වලට මෙම දිනවලදී පමණක් සීමාවක් නොමැතිව ඉන්ධන ලබාදීමට රජය කටයුතු කළ යුතු බවද සදහන් කරයි.

Similar Posts