මහ වැස්සට ප‍්‍රදේශ රැසක් යටවේ

මහ වැස්සට ප‍්‍රදේශ රැසක් යටවේ

ඇදහැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් ගිං ගඟ පිටාර ගලා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබේ. හිනිදුම, නාගොඩ, නෙලුව, යක්කලමුල්ල, බද්දේගම, තවලම ප්‍රදේශවල පහත්බිම් මෙසේ ජලයෙන් යටව ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ මෙම ගංවතුර තව දුරටත් ඉහල යා හැකි බවටයි.

රට ගිහින් පැනගිය ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක්

රට ගිහින් පැනගිය ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක්

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කෝප් කමිටුව හමුවේ ඉදිරිපත් කරන ලද කරුණු අනුව මෙසේ ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙවිය යුතු හිඟ මුදල…

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම
|

දූෂණය අපේ ජීවිත ඇතුළට කිඳාබැහැලා තියෙන තරම

කාරෙක සර්විස් කළා. ඇතුළ පිරිසිදු කරපු තරුණයාට සීට් එකක් අස්සෙ තිබිලා රු. 1000ක් ලැබිලා. ඔෆිස් එකේ ගෑනු ළමයින්ට භාරදීලා. බිල් ගෙවන්න, වයිපර් බ්ලේඩ් එකක් ගන්න ඔෆිස් එකේ කැරකුණාට ඒ අය මට කිව්වෙ නැහැ. අමතක වෙලා වෙන්නත් පුළුවන්/ නොවෙන්නත් පුළුවන්. අර තරුණයා ඇහුවා ඒක ගත්තද කියලා. නැවත ගිහින් ඇහුවට පස්සෙ තමයි රුපියල් දාහ දුන්නෙ. “ඒක මේ…

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ඩෙංගු අධි අවදානම් කලාප මෙන්න

ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය. මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල්…

ජපානයේ භූකම්පනයක්
|

ජපානයේ භූකම්පනයක්

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ.රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය. කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත්…