පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපතිට පැමිණිලි
|

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපතිට පැමිණිලි

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී තිබේ. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා අලුතින් පිහිටුවිය යුතු වුවත් තවමත් මානව හිමිකම් කොමිෂන් සභාවට නව නිලධාරීන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අපොහොත්වී ඇතැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි වල සඳහන් වන බව වාර්තා විය. මානව හිමිකම් කොමිසමට පත් කිරීම…

ආගමික සංහිදියාවට බාධා කරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිදියාවට බාධා කරන්නන් සොයන්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේයැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු…

බදු ගෙවීමට නව විද්‍යුත් ක්‍රමවේදයක්

බදු ගෙවීමට නව විද්‍යුත් ක්‍රමවේදයක්

බදු ගෙවීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක් සහිත වැඩපිලිවෙලක් සකසන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, එය ලබන සතියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එම ක්‍රමවේදය සඳහා දැනට බදු අයකර ගැනීමේදී ඇති දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට ද කටයුතු කරන බව ඔහු කියා සිටියි. රංජිත් සියඹලාපිටිය අමත්‍යවරයා…

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්
|

ලිට්‍රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. දැනට පවතින අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි, ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කරයි. වැඩි දුරටත් ඔහු කියා සිටියේ, නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බවයි.