slparli

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව කාර්යක්ෂම නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි ලැබී තිබේ.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා අලුතින් පිහිටුවිය යුතු වුවත් තවමත් මානව හිමිකම් කොමිෂන් සභාවට නව නිලධාරීන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අපොහොත්වී ඇතැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු පැමිණිලි වල සඳහන් වන බව වාර්තා විය.

මානව හිමිකම් කොමිසමට පත් කිරීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති නම් සම්බන්ධයෙන් විපක්ෂයේ කඹ ඇදීම නිසා තවමත් එම කොමිසම නම් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නොහැකිවී ඇතැයි ජනාධිපතිවරයා වෙත ලද පැමිණිලි වල සඳහන් වෙයි.

තවද ස්වාධීන කොමිෂන් සභාවන්ට සාමාජිකයන් පත් කිරීමේ බලය ජනපතිගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුවට ලබාදුන්නේ ස්වාධීනත්වය සුරැකීමටත් කාර්යක්ෂමව එම කටයුතු ඉටු කිරීමටත් බව ජනාධිපතිවරයාට ලැබුණු පැමිණිලි වල තවදුරටත් සඳහන් වෙයි.

ජනපතිට කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ බලය පැවැති අවධියේ නිසි කලට එම සාමාජිකයන් පත්වූ බව අදාල පැමිණිලි වල දැක්වෙන අතර චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යුගයේ එම පත් කිරීම් නිසි කලට සිදුවූ බවයි එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

Similar Posts