කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර සඳහන් කළේ, එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි. ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද එස්. පී. සී. සුගීෂ්වර දැනුම්දී තිබේ. ගිං සහ නිල්වලා ගංගාවල පහළ ප්‍රදේශවල මෙන්ම කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ පහළ ප්‍රදේශවල, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම තවමත් ඉහළ අගයක පවතින බවයි වාර්තා…
Read MoreDay: September 5, 2023
කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින් පවතින බවත්ය. එම තත්වයන් මත 05වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 31 අගල් 02ක් පහලින් පවතින බවත් මෙම දින දෙක තුන තුලදි පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල…
Read Moreබගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායට නව ජල යෝජනා ක්‍රමයක්
බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ නිවාස සංකිර්නය සදහා පානිය ජලය ලබා දිමේ අරමුණ මත නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට හැටන් සතුටු නිවස පදනම මගින් පියවර ගෙන ඇත. එම නිවාස සංකීර්නය සදහා නිසි ලෙස ජල පහසුකම් නොමැති විමත් සමග විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති ජනතාව විසින් කරන ලද ඉල්ලිමක් මත මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන හැටන් සතුටු පවුල පදනමේ අධ්‍යක්ෂක ආචාර්ය එස්. පෙරුමාර් රවින්ද්‍රන් මහතා පවසන ලද්දේ බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ නිවාස සංකීර්නයේ ජනතාවට අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස නොමැති විමත් සමග එම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට…
Read Moreඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි
ඇමරිකානු ජනාධිපති ආර්යාව Jill Biden හට Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ධවල මන්දිරය නිවේදනය කරනවා. කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.
Read Moreනව කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි
පිරෝලා නමින් නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පිරෝලා නව ප්‍රභේදය නැවතත් ලොව පුරා ආසාදන වැඩිවීමක් ඇති කරනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවමින් සිටින බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ස්කොට් රොබර්ට්ස් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය…
Read Moreඋපයන විට ගෙවීමේ බදු ගැන සාකච්ඡාවක්
උපයන විට ගෙවීමේ බදුවලට යටත්වන සියලුම වෘත්තිකයින් නියෝජනය කරන සංවිධාන මෙම සතියේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සඳහන් කළේ, වෘත්තිකයින් විශාල පිරිසක් අදායම් බදු ගෙවීමට නොහැකිව විදේශ රටවලට යන බවයි. මුදල් අමාත්‍යාංශය සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුවත් එම පාර්ලිමේන්තු ආංශ්‍රික අධික්ෂණ කාරක සභාව හමුවට කැඳවා ඇති බව සභාපතිවරයා පැවසීය.
Read More