news lk

පිරෝලා නමින් නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පිරෝලා නව ප්‍රභේදය නැවතත් ලොව පුරා ආසාදන වැඩිවීමක් ඇති කරනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවමින් සිටින බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ස්කොට් රොබර්ට්ස් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ඊශ්‍රායලය, කැනඩාව, ඩෙන්මාර්කය, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ තායිලන්තය රටවලින් මේ ප්‍රභේදය හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.

Similar Posts