අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ගෙවීම් ඊයේ (31) සිට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ගෙවීම් ඊයේ (31) සිට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් ඊයේ (31) සිට ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ; ප්‍රතිලාභී මුදල් මහා භාණ්ඩාගාරයෙන් බැංකු වෙත නිකුත් කර ඇති බවයි. ප්‍රතිලාභීන් 1,365,000 සඳහා එම මුදල් නිකුත් කර ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

වී චැට් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
| |

වී චැට් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

කැනඩාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක්ට භාවිතය තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට තොරතුරු මෙම සමාජ මාධ්‍ය හරහා සොරා ගැනීමට හැකියාව පවතින බවයි. ෆේස්බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත වී චැට් හරහා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ලොව පුරා බොහෝ දෙනා භාවිතා කරන මෙම යෙදවුම…

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීමත් ගැටලුවක් වූ රටක වැටුප් වැඩිවීමේ ආරංචියත් සුබවාදීයි
|

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීමත් ගැටලුවක් වූ රටක වැටුප් වැඩිවීමේ ආරංචියත් සුබවාදීයි

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත…

වැට් බද්ද 18%ක් දක්වා ඉහළට
|

වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මීට අමතරව මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසී ය.