පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින් ලංකාවට අයිස්ලන්තය ආදර්ශයට ගත නොහැකිද යන්න පිළිබඳ විමසන ලදි. අයිස්ලන්තය හා ශ්‍රී ලංකාව යනු සංදර්භයන් අතින් සම්පූර්ණයෙන්ම වෙනස් රාජ්‍ය දෙකකි. එහෙත්, අයිස්ලන්තයේ බංකොලොත්භාවය සම්බන්ධ අත්දැකීම අපට ප්‍රයෝජනවත් විය හැකිය. කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් නිර්මාණය කර සංස්කරණය කරන ලද මෙම ලිපිය ඒ පිළිබඳවයි. අයිස්ලන්තය යනු උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි නෝර්ඩික් දූපත් රටකි. එය යුරෝපයේ…
Read MoreDay: November 20, 2023
විනයක් නැති මන්ත්‍රීවරුන්ට දඬුවම්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය පිළිබඳව අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් හඳුන්වාදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම පනත හරහා සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබා දීමට හැකි බවයි ඔහු සඳහන් කළේ. මීට අමතරව අදාළ මන්ත්‍රීවරයාගේ තනතුර අහෝසි කිරීමට ද මෙමඟින් හැකියාව ලැබේ.
Read Moreනල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ බඹර කුඩු නිසා වන්දනාකරුවන්ට අවදානමක්
නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ පවතින බඹර කුඩු හේතුවෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත් විමේ අවදානමක් හට ගෙන ඇත. නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ ආරම්භක විහාරස්ථානයේ බුදු පිලිමයේ හා එම බුදු මැදුර තුලද මේ වන විට බබර කුඩු බැද ඇති අතර එහි සිටින බබරුන්ගෙන් එලබෙන ශ්‍රිපාද වන්දනා සමය තුලදි වන්දනාකරුවන්ට විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් පැවතිය හැකි බව එම ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර මෙවර ශ්‍රිපාද වන්දනා සමයට පෙර මෙම බබර කුඩු ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස අදාල නිලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.…
Read Moreහැටන් සුර අසුර සංග්‍රාමය
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික ස්කන්ධස්ටි උත්සවයේ සුර අසුර සංග්‍රාමය 18වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. පසු ගිය 14වන දින සිට එම හිංදු දේවාලයේ වීශේෂ පුද පුජා පැවැත්විමෙන් පසුව 18වන දින මෙම සුර අසුර සංග්‍රාමය හැටන් නගරයේදි පැවැත්විමට පියවර ගත් බව එම හිංදු දේවාලයේ ප්‍රධාන පුජක බාලා සුබ්‍රමණියම් කුරුක්කල් පුජක තුමන් පැවසිය. 19වන දින සවස කතරගම දෙවියන් උදේසා සුභ විවාහ මංගල්‍ය පුජාව පැවැත්විමෙන් පසුව මෙවර වාර්ශීක ස්කන්ධස්ටි උත්සවය නිමාවට පත්වන බවද බාලා සුබ්‍රමණියම් පුජකතුමන් වැඩි දුරටත් පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්
Read Moreපෙම්වතුන් අල්ලන මුවාවෙන් පුද්ගලිකත්වය සමාජයට නිරාවරණය කරන්න පොලිසියට අයිතියක් නෑ
විදුලි ව්‍යාපෘති 27ක් රටට අහිමිවෙයි
ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලෙස පැමිණි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27කට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුමැතිය ලබාදී තිබුණද ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී නොමැති බැවින් එම ව්‍යාපෘති මෙරටට අහිමිව යාමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය නියෝජනය කරමින් නිලධාරිහු එක්ව සිටියහ. ඉන්දියාවේ අදානී සමූහය පුනරින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියද මේ අතර තිබෙන බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.…
Read Moreඑක්දින ක්‍රිකට් ලෝක කුසලානය 6 වන වරටත් ඔස්ට්‍රේලියාවට
හය වන වරටත් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 240ක් පමණි. කේ.එල්. රාහුල් ලකුණු 66ක්, විරාට් කෝලි ලකුණු 54ක් සහ රෝහිත් ෂර්මා ලකුණු 47ක් ලෙස ලකුණු රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මුල් කඩුලු 3 අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී ගිය ද, ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලබුෂේන් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය…
Read Moreමීගමුව, මීරිගම ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අවදානමක්
අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රදේශවලට මහ ගංවතුර මට්ටමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ, මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි. එමෙන්ම දැඳුරු ඔය, තබ්බෝව, වෙහෙරළගල, ලුණුගම්වෙහෙර, මව්ආර සහ උඩවලව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. බගවන්තලාව මහඑළිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමුඔය පිටාර ගැලීම…
Read More