බන්ධනාගාරගතව සිටි නිර්දෝෂි පුද්ගලයාව වහාම මුදාහරියි

සිය නිවසට වතුර වීදුරුවක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයෙකු තමන් කෙලෙසීම නිසා ගැබිණියක්වු බවට බාලවයස්කාර පාසල් සිසුවියක සිදුකල චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිදරු පියෙකු වහාම නිදහස්කර මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (24දා) සවස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.

වහාම නියෝගය ක්‍රියාත්මක කර මුදාහරින ලෙස නියෝග කරණු ලැබුවේ බණ්ඩාරපුලියන්කුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි 57 හැවරදි පෞද්ගලික ආරක්ෂක නියාමකවරයෙකු වන සී.එම් චන්ද්‍රසෝම මහතායි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරයට හා සෙසු නිලධාරින්ට ඇතිව තිබු දැඩි සැකයමත සිදුකල වැඩිදුර විමර්ශන වලදි රක්ෂිත බන්ධනාගාර ගතකල පුද්ගලයා සිද්ධියට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බව අනාවරණය කරගෙන වැඩිදුර වාර්ථාවක් මගින් පොලිසිය අධිකරණයට දැක්වූවේය.

දැරියගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව ඇය අප්පච්චි නමින් හදුන්වන මවගේ දෙවන සැමියා (බාප්පා) ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔහුව මේ මස (27දා) රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් දයානන්ද මහතා කියා සිටියේ දැරිය විසින් පසුගිය 16 වනදා රාත්‍රීයේ සිදුකළ පැමිණිල්ලකට අනුව පරික්ෂන සිදුකර ආරක්ෂක නියාමකවරයා අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 12 මාස හතක් වන දැරිය විසින් ආරක්ෂක නියාමකවරයා පසුගිය අගොස්තු මස නිවසට පැමිණ වතුර වීදුරුවක් ඉල්ලු බවත් පසුව තමන්ට අතවර කල බවත් පසුව නැවතත් දිනක අතවර කල බවත් පැවසීම නිසා ඇය අනුරාධපුර ශික්ෂන රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට පැමිණවු බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

එහිදි බාලවයස්කාරිය ගැබිණියක් බව අනාවරණයවු බවත් ඇය රෝහලේදි ගබ්සාවකට ලක්වි පසුගිය 20දා තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබු බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.ඇය ප්‍රතිකාර ලැබිමෙන් පසුව පරිවාස දෙපාර්තුමේන්තුවට ගෙනයන අවස්ථාවේ මට අක්කා ළගට යන්න ඕන යනුවෙන් පවසමින් හඩාවැටීම නිසා ඇතිවු සැකයක්මත පොලිස් කණ්ඩායම දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමේදි ඇය බොරු ප්‍රකාශයක් සිදුකර ඊට කිසිදු සම්බන්ධයක් නැති අයෙකුගේ නම් ප්‍රකාශකර තිබෙනා බව අනාවරණයවු බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

ඒ අනුව පැමිණිලිකාරියගේ බාප්පා වන අප්පච්චි නමින් හදුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔහු අපරාධය සිදුකර පාසල් දැරිය ගැබිණියක කර ඇති බව පොලිසිට අනාවරණයවු බව අධිකරණයට දැන්වුවේය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂන සිදුකරන ලෙස නියෝග කළ විනිසුරුවරයා බන්ධනාගාරගතව සිටින නිර්දෝෂි පුද්ගලයාව වහාම බන්ධනාගාරයෙන් මුදාහැරීම නියෝග කළේය.පැමිණිලිකාර දැරිය මේ මස (27දා) දක්වා පරිවාස බාරයට පත්කල විනිසුරුවරයා පරිවාස වාර්ථා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගේ උපදෙස්මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා යමුනා කාන්තා මහත්මියගේ මෙහෙයවිමෙන් පොලිස් සැරයන් 28163 දයානන්ද මහතා පැමිණිල්ල මෙහෙයවීය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….