සිය නිවසට වතුර වීදුරුවක් ඉල්ලාගෙන පැමිණි පුද්ගලයෙකු තමන් කෙලෙසීම නිසා ගැබිණියක්වු බවට බාලවයස්කාර පාසල් සිසුවියක සිදුකල චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තිදරු පියෙකු වහාම නිදහස්කර මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (24දා) සවස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.

වහාම නියෝගය ක්‍රියාත්මක කර මුදාහරින ලෙස නියෝග කරණු ලැබුවේ බණ්ඩාරපුලියන්කුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි 57 හැවරදි පෞද්ගලික ආරක්ෂක නියාමකවරයෙකු වන සී.එම් චන්ද්‍රසෝම මහතායි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරයට හා සෙසු නිලධාරින්ට ඇතිව තිබු දැඩි සැකයමත සිදුකල වැඩිදුර විමර්ශන වලදි රක්ෂිත බන්ධනාගාර ගතකල පුද්ගලයා සිද්ධියට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බව අනාවරණය කරගෙන වැඩිදුර වාර්ථාවක් මගින් පොලිසිය අධිකරණයට දැක්වූවේය.

දැරියගෙන් ලබාගත් ප්‍රකාශවලට අනුව ඇය අප්පච්චි නමින් හදුන්වන මවගේ දෙවන සැමියා (බාප්පා) ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඔහුව මේ මස (27දා) රක්ෂිත බන්ධනාගාර ගතකරනා ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් දයානන්ද මහතා කියා සිටියේ දැරිය විසින් පසුගිය 16 වනදා රාත්‍රීයේ සිදුකළ පැමිණිල්ලකට අනුව පරික්ෂන සිදුකර ආරක්ෂක නියාමකවරයා අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 12 මාස හතක් වන දැරිය විසින් ආරක්ෂක නියාමකවරයා පසුගිය අගොස්තු මස නිවසට පැමිණ වතුර වීදුරුවක් ඉල්ලු බවත් පසුව තමන්ට අතවර කල බවත් පසුව නැවතත් දිනක අතවර කල බවත් පැවසීම නිසා ඇය අනුරාධපුර ශික්ෂන රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට පැමිණවු බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

එහිදි බාලවයස්කාරිය ගැබිණියක් බව අනාවරණයවු බවත් ඇය රෝහලේදි ගබ්සාවකට ලක්වි පසුගිය 20දා තෙක් රෝහලේ ප්‍රතිකාර ලැබු බව පොලිසිය අධිකරණයට දැන්වුවේය.ඇය ප්‍රතිකාර ලැබිමෙන් පසුව පරිවාස දෙපාර්තුමේන්තුවට ගෙනයන අවස්ථාවේ මට අක්කා ළගට යන්න ඕන යනුවෙන් පවසමින් හඩාවැටීම නිසා ඇතිවු සැකයක්මත පොලිස් කණ්ඩායම දීර්ඝ ලෙස ප්‍රශ්න කිරිමේදි ඇය බොරු ප්‍රකාශයක් සිදුකර ඊට කිසිදු සම්බන්ධයක් නැති අයෙකුගේ නම් ප්‍රකාශකර තිබෙනා බව අනාවරණයවු බව පොලිසිය අධිකරණයට දැන්වූවේය.

ඒ අනුව පැමිණිලිකාරියගේ බාප්පා වන අප්පච්චි නමින් හදුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔහු අපරාධය සිදුකර පාසල් දැරිය ගැබිණියක කර ඇති බව පොලිසිට අනාවරණයවු බව අධිකරණයට දැන්වුවේය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂන සිදුකරන ලෙස නියෝග කළ විනිසුරුවරයා බන්ධනාගාරගතව සිටින නිර්දෝෂි පුද්ගලයාව වහාම බන්ධනාගාරයෙන් මුදාහැරීම නියෝග කළේය.පැමිණිලිකාර දැරිය මේ මස (27දා) දක්වා පරිවාස බාරයට පත්කල විනිසුරුවරයා පරිවාස වාර්ථා අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම මහතාගේ උපදෙස්මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා යමුනා කාන්තා මහත්මියගේ මෙහෙයවිමෙන් පොලිස් සැරයන් 28163 දයානන්ද මහතා පැමිණිල්ල මෙහෙයවීය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts