අනුරාධපුරය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිර යයි

coronavirus news

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනා අතර  අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක වාර්ථාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වන රෝගින් 10ක ප්‍රමාණය වාර්ථාවූ බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.

මෙතෙක් කිසිදු රෝගියෙකු හමුනොවූ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ ප්‍රදේශයෙන් පොල්පිතිගම ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවක කොවිඩ් වෛයිරසය වැලදි ඇති බව පරික්ෂන වලන් තහවුරුවි තිබේ.පලාගල පදිංචි පොලිස් විශේෂ කාර් ය බලකායට අනියුක්ත කොළඹ ජනපති මැදුරේ සේවයේ නියුතු සෙබළෙකුටත් කොවිඩ් ආසාධනයවි ඇති බව තහවුරුවේ.

නොච්චියාගම පොලිස්වසමේ රනෝරාව ප්‍රදේශයේ පදිංචි ඇලයාපත්තුව උළුකර් මාන්ත ශාලාවේ(සඳ හිරු සෑයට ගඩොල් කපන ස්ථානයේ) සේවයේ නියුතු සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකුටත් වෛරසය ආසාධනවි ඇති අතර ඉකිරිගොල්ලෑව පදිංචි වවුනියාවේ සේවයේ නියුතු පුද්ගලයෙකුටත් කොවිඩ් ආසාධනයවි ඇත.

පසුගියදා ආරම්භවු ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පොකුරෙන් තවත් රෝගීන් තිදෙනෙකු වාර් ථා වන අතර ඔවුන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇල මිහින්තලය කුරුන්දන්කුලම හා අනුරාධපුර වන්නියන්කුලම ප්‍රදේශවලින් වාර් ථාවි තිබේ.අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් පසුගියදා ආසාධිතයෙකු හමුවූ අතර එම සිද්ධියේ ආශ්‍රීතයෙකු වන විශ්‍රාමික වෛද්‍යවරයෙකුටත් කොවිඩ් වැලදි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

හොරොව්පොතාන කදුරුගස්යාය පහපොතානෙන් එකම පවුලේ දෙදෙනෙක් කොවිඩ් ආසාධනයවි ඇති අතර ඔවුන් මහනුවර අවමංගල්‍ය උත්සවයකට සහභාගිවි තිබේ.

අනුරාධපුර නගර ආශ්‍රීතව පොකුරු රැසක් නිර් මානය වෙමින් පවතින අතර පසුගිය දින අටක කාළය තුලදි රෝගින් 41 දෙනෙකු අළුතින් සොයා ගැනීමට සෞඛ අංශ සමත්වි තිබේ.මේවනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හමුවි ඇති සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 140කි.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….