coronavirus news

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා කොවිඩ් 19 දෙවැනි රැල්ල සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙනා අතර  අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දිනක වාර්ථාවූ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වන රෝගින් 10ක ප්‍රමාණය වාර්ථාවූ බව වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.

මෙතෙක් කිසිදු රෝගියෙකු හමුනොවූ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නෑගම්පහ ප්‍රදේශයෙන් පොල්පිතිගම ඇඟලුම් කර් මාන්ත ශාලාවක සේවයේ නියුතු සේවිකාවක කොවිඩ් වෛයිරසය වැලදි ඇති බව පරික්ෂන වලන් තහවුරුවි තිබේ.පලාගල පදිංචි පොලිස් විශේෂ කාර් ය බලකායට අනියුක්ත කොළඹ ජනපති මැදුරේ සේවයේ නියුතු සෙබළෙකුටත් කොවිඩ් ආසාධනයවි ඇති බව තහවුරුවේ.

නොච්චියාගම පොලිස්වසමේ රනෝරාව ප්‍රදේශයේ පදිංචි ඇලයාපත්තුව උළුකර් මාන්ත ශාලාවේ(සඳ හිරු සෑයට ගඩොල් කපන ස්ථානයේ) සේවයේ නියුතු සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකුටත් වෛරසය ආසාධනවි ඇති අතර ඉකිරිගොල්ලෑව පදිංචි වවුනියාවේ සේවයේ නියුතු පුද්ගලයෙකුටත් කොවිඩ් ආසාධනයවි ඇත.

පසුගියදා ආරම්භවු ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පොකුරෙන් තවත් රෝගීන් තිදෙනෙකු වාර් ථා වන අතර ඔවුන් අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇල මිහින්තලය කුරුන්දන්කුලම හා අනුරාධපුර වන්නියන්කුලම ප්‍රදේශවලින් වාර් ථාවි තිබේ.අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් පසුගියදා ආසාධිතයෙකු හමුවූ අතර එම සිද්ධියේ ආශ්‍රීතයෙකු වන විශ්‍රාමික වෛද්‍යවරයෙකුටත් කොවිඩ් වැලදි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

හොරොව්පොතාන කදුරුගස්යාය පහපොතානෙන් එකම පවුලේ දෙදෙනෙක් කොවිඩ් ආසාධනයවි ඇති අතර ඔවුන් මහනුවර අවමංගල්‍ය උත්සවයකට සහභාගිවි තිබේ.

අනුරාධපුර නගර ආශ්‍රීතව පොකුරු රැසක් නිර් මානය වෙමින් පවතින අතර පසුගිය දින අටක කාළය තුලදි රෝගින් 41 දෙනෙකු අළුතින් සොයා ගැනීමට සෞඛ අංශ සමත්වි තිබේ.මේවනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හමුවි ඇති සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 140කි.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

Similar Posts