චීන උපායමාර්ගික තර්ජන NATO සමුළුවේ දැඩි අවධානයට

g7

NATO හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධාන සමුළුව, පසු ගිය දා එනම් ජුනි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී ආරම්භ විය. ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සහභාගී වන ප්‍රථම NATO සමුළුව මෙය වේ.

සාමාජික රටවල රාජ්‍ය නායකයින් 30කගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළුවේ වැඩි අවධාන ‌ෙයාමු වූයේ චීනයේ නැගී එන බලය සහ රුසියාව වෙතයි. 1947 දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය බිහි කර ගත්තේ ධනවාදයට එරෙහි කඳවුරේ සතුරන්ට මුහුණ දීමට ය.  එවකට මෙහි ප්‍රමුඛ අරමුණ වූයේ නැගෙමින් පැවති සෝවියට් කඳවුර ප්‍රමුඛ බලවේගයට එරෙහි යුධ සංධානයක් ලෙස ක්‍රියාත්මක වීමයි. ඔවුන් 2019  වසරේදී නිල වශයෙන්, නැඟී එන චීනය ද තමන්ට එරෙහි බලයක් ලෙස පිළිගත්හ.

සමුළුවෙන් පසු එලි දැක්වීමට නියමිත ප්‍රකාශනයේ චීනය ලෝක ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් ලෙස හඳුනාගෙන තිබේ. මීට පෙර ඔවුන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ රුසියාවට වුවත් නවතම තර්ජනය වශයෙන් ඔවුන් චීනය හඳුනාගෙන ඇත. උතුරු අත්ලාන්තික් සංවිධානයේ මහ ලේකම්වරයා චීනය, “බටහිර කඳවුරට එරෙහි ආරක්ෂක තර්ජනයක්” ලෙස හඳුන්වා ඇත.

මහ ලේකම්වරයා පෙන්වා දෙන්නෙ,  පාරිසරික ගැටලු, අවි පාලනය වැනි කාරණා සම්බන්ධයෙන් චීනය සමග එක්ව ක්‍රියා කළ හැකි වුවත් ඔවුන්ගේ හමුදාමය ක්‍රියාකාරකම් සහ නැගී එන බලය සිය ආරක්ෂාවට තර්ජනයක් එල්ල කර ඇති බවයි. “ චීනය අපගේ සමීපයට පැමිණෙමින් සිටී. අපි එකට එක්ව සන්ධානයක් ලෙස එයට ප්‍රතිචාර දැක්විය යුතු වෙමු.” යනුවෙන් ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. මීට අමතරව රුසියාව, යුක්රේනය ආසන්නයේ සිදුකරන මිලිටරි ගොඩ නැංවීම පිළිබඳව ද මෙහි නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

බ්‍රිතාන්‍යයේ G-7 රාජ්‍ය නායක සමුළුවේදී ද මෙවර චිනයේ ක්‍රියාකලාපය දැඩි අවධානයකට ලක්ව තිබුණි

නව ඇමරිකා එක්සත් ජනපද නායකයා නේටෝ සංවිධානය වෙත වැඩි වශයෙන් සහය දක්වනු ඇතැයි සියළු සාමාජික රාජ්‍යයන්ගේ අපේක්ෂාව විය. NATO ප්‍රඥප්තියේ පස්වන (5) වගන්තිය අනුව “සාමාජික රාජ්‍යයන්ට එල්ලවන කිසියම් හෝ තර්ජනයක්, සියලු දෙනාටම පොදුවේ එල්ල වූවක්” ලෙස සලකා කටයුතු කිරීමට මෙහි පාර්ශවකරුවන් එකඟ වී සිටී.

මෙම පස්වන වගන්තිය සිහිපත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා තමන් ගේ සහය සාමාජික රාජ්‍යයන්ට හිමිවන බව සමුළුවේදී සහතික කොට තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….