නිවුස් රූම් තුළ නිහඬ අපරාධ

“පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා…”

ඉහත දැක්වෙන්නේ තරුණියකට මහමග බස් රථයක හෝ දුම්රියකදී සිදු වූ ලිංගික හිංසනයක් නොවේ. මේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති අංශය (නිවුස් රූම්) තුළදී මාධ්‍යවේදිනියක් මුහුණ දුන් අත්දැකීමකි.

“ගෙදර ගිහාම රෑ තිස්සේ මැසේජ් එවනවා. ඇඳන් ඉන්නේ මොකක්ද අහනවා. ෆොටෝස් එවන්න බැරිද අහනවා,”

මේ වන විට ඇය රැකියාව පමණක් නොව මාධ්‍ය ක්ෂේත්‍රයට ද සමු දී ඇත. සිය ප්‍රධානියාගෙන් එල්ල වූ ලිංගික හිංසා (Sexual harassment) ඉදිරියේ තමාට රැකියාව පමණක් නොව “මාධ්‍ය ක්ෂේත්‍රයම එපා” වූ බව ඇය කියා සිටියි.

Sexual-harassment

ලිංගික හිංසා, මාධ්‍ය ආයතන තුළ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන සහ ක්ෂේත්‍ර තුළ දැකිය හැක. එය ශ්‍රී ලංකාවට පමණක් පොදු වූවක් ද නොවේ. වචනයෙන්, අභිනයෙන් සහ ශාරීරිකව ලිංගික හිංසනයන්ට ගොදුරු වෙන්නේ දිළිඳු, නොදියුණු හෝ නූගත් යැයි සැලකෙන රටවල ස්ත්‍රීන්ම පමණක් නොවේ: සංවර්ධිත රටවල වෙසෙන කාන්තාවෝ ද බොහෝ විට එවැනි හිරිහැරවලට ලක්වෙති.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ තමාට අත්විඳීමට සිදු වූ ලිංගික අතවර සහ හිංසා පිළිබඳ හෙළි කළ #MeToo ‘විරෝධතා ව්‍යාපාරය’ ඊට හොඳම උදාහරණයයි.

ලිංගික හිංසා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සංවාදයක් මතුව ඇත්තේ තමාට අත්විඳීමට සිදු වූ බව පැවසෙන එවැනි හිංසාවන් පිළිබඳ මාධ්‍යවේදිනී සාරා කැල්ලපත (Sarah Kellapatha) ට්විටර් හි සටහන් තැබීමත් සමගය.

තමන් පුවත්පතක සේවය කරන සමයේ එහි ම සේවය කළ සගයෙකු, තමන් දූෂණය කරන බවට තර්ජනය කළේ යැයි ඇය පවසා තිබිණි.

ඒ සමග තවත් මාධ්‍යවේදිනියන් ගණනාවක් තමාට අත්විඳීමට සිදු වූ ඒ හා සමාන අත්දැකීම් හෙළි කරමින් ඉදිරියට පැමිණියහ.

ලිංගික හිංසනය පිළිබඳ පෞද්ගලික අත්දැකීම් පවසමින් එලෙස ඉදිරියට ආ පිරිසෙන් අති බහුතරය ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන මාධ්‍යවේදිනියන්ය.

“ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදු වී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුන ද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයක් ඇති බව” ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

“ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස,” ඉල්ලා එම සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක ඒ බව සඳහන් විය.

“කුවේණිට ගල් ගහලා මරුවා වගේ, ගැහැණුන්ගේ චරිතවලට, ගැහැණුන්ගේ ගෞරවයට ගල් ගහලා මරණ සමාජයක් තාම තියනවා නම් ඒක වෙනස් කරන අභියෝගය කාන්තාවන්ම භාර ගත යුතුයි.”

ලිංගික හිංසා පිළිබඳ අත්දැකීම් වරින්වර සාකච්ඡාවට බඳුන් වුවත් ඉන් ඔබ්බට ගොස් එවැනි හිංසා අවම කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර මොනවාදැයි යන්න සාකච්ඡාවට බඳුන් නොවන බව ගවේෂණාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා, නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසයි.

දකුණු ආසියානු ජනමාධ්‍යවේදිනියන්ගේ සංගමයේ ශ්‍රී ලංකා කලාපයේ සම කැඳවුම්කරු ලෙස ද කටයුතු කරන ඇය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංසදය (IFJ) විසින් 2015 වසරේදී ආසියා ශාන්තිකර කලාපයේ මාධ්‍ය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සකසන ලද වාර්තාවේ පර්යේෂිකාවකි.

එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවල #MeToo ‘විරෝධතා ව්‍යාපාරය’ ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු නොවුනේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළත් එම විරෝධය සමාජයක් තුළ ස්වභාවයෙන් මතු විය යුතු බව ඇය පෙන්වා දෙයි.

BBC උපුටාගැනීමක්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….