ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයි

guruwru

රට ජාතිය,සමස්ත  සමාජය ⁣රෝගීව, ඔත්පලව ඉන්න  වෙලාවක මේ රටේ ගුරුවරුන්  මීට වඩා බෝධිසත්ව මනකින් කලපනා කල යුතුයැයි ,”  රාජ්‍ය  අමාත්‍ය ජයන්ත  සමරවීර මහතා  පසුගියදා මතුගම  දි කීවේය .

⁣සෞභාග්‍යයේ දැක්ම ප්‍රරකාව  ග්‍රාම්ය මාර්ග  කිලෝ මිටර් ලක්ෂයක්  සංවර්ධනය  කිරීමෙි වැඩ සටහන අනුව  මතුගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   මාර්ග කීපයක  වැඩ ආරම්භ කරමින් මතුගම යටදොළ පැවති උත්සවයක්  අමතා ජයන්ත සමරවිර මහතා  මෙි අදස් පළ කළේය .

” ගුරු වෘත්තිය කියන්නෙ සියලු වෘත්තින්ගෙ පීතෘ වෘත්තීය බව අප අමතක නොකළ යුතුයි .අපේ රටෙි ගුරුවරයා දෙමාපියන්  තරමටම වන්දනීය වෘත්තියක්  වෙලා තියෙනවා.ගුරුවරයාට තැන නොතන බලල, දණ ගහල වදින සම්ප්‍රදායක්  තවමත් අපේ රටේ තියෙනවා .

රටෙි පාසල් අවුරුදු  දෙකකට ආසන්න  කාලයක්  වැහිල තියෙන වෙලාවක, ළමයින් ඉතා අසීරුතාවයකට පත්වෙලා තියෙන වෙලාවක්,දරුවන්ගේ අධ්‍යාපනය  කඩාකප්පල්  වෙච්ච  වෙලාවක් බව අමතක නොකල යුතුයි. . පසු ගිය අවුරුද්දෙ  පළමු  වසරට ඇ,තුලත්වු දරුවන්ට  2022 දිත් යන්න වෙලා තියෙන්නෙ පළමු වසරටම තමයි.මේ වගේ වෙලාවක ගුරුවරුන්ටත් ප්‍රශ්න තියෙනවා. ඒක අපි පිළිගන්නවා .වැටුප් විෂමතා, උසස්වීම්,වෘත්තීය අයිතිවාසිකම්  ප්‍රශ්න තියෙනවා.

නමුත් මෙික ලෙඩෙකු ඉනන වෙලාවක් බව අමතක නොකළ යුතුයි. ලෙඩා ඉන්න වෙලාවක ගෙදර ගෝරි දාගන්නනෙ නැහැ.ඒක කවර සදාචාරයකටවත්  අනුමත කරන්න  බැහැ.ඒක මොන  සීලාචාර සම්ප්‍රදායක්ද..?මේ රටේ  ගුරුනරුන්ට එහෙම අයතියක් නැහැ. ගුරුවරුන් ගේ අයිතින් දිනාගන්නා  සටන්වලට අපිත්  පක්ෂ , පාට නොබලා අත් දෙකම උස්සලා එකඟතාව  පළකරවා.ඒ අයිතින්  ලබා දියයුතුයි. අන් කවර වෘත්තියකටත් වඩා ගුරුවරුන් සංතෘප්ත  කළ යුතුයි .

මොකද අන් සියලු  වෘත්තීන්වල පීතෘවරයා ගුරුවරයායි. නමුත් රට ජාතිය ඔත්පලවෙලා ඉන්න වෙලාවක ගුරුවරයා  මීට වඩා බෝධිසත්ව  ගුණයකින් කටයුතු කළ යුතුයි. එහෙම  කල්පනා  කරල මෙි තත්ත්වය   තුරන්වු පසු තමන්ගෙ  අයිතීන්  වලට බැස්සා නම් ගුරුවරයා  වෙනුවෙන්  සෙසු සමාජ  බලවේගත්  ඒ  සටනට එක්වෙන්න තිබුණා. එම නිසා ලාංකිය දිසාපාමොක් ඇදුරු පරම්පරාවෙන්  ඉල්ලන්නෙ ඔබට ඔබෙි අයිතින් ඉල්ලන්න  මෙික  සුදුසු  වෙලාවක් නෙමෙයි කියලයි.මෙික මෙි රටේ දරුවන්ගේ  අයිතිවාසිකම්  වෙනුන් ඔබ පෙනි සිටි යුතුවෙලාවක් බව අමතක නොකළ යුතුයි .

අධ්‍යාපනය  පෞද්ගලිකරණය කරනවට අපි එදත්, අදත්, හෙටත් විරුද්ධයි. කොතලාවල  ආරක්ෂක  විශ්ව  විද්‍යාල  පනත  පිළිබඳ  අපේ  ස්ථාවරය  ආණ්ඩු පක්ෂය  ඇතුළෙ  එළි දැක්වුවා.එහි  ප්‍රතිඵලයක්  ලෙස මෙි පනත ඡන්ද  විමසිමක් නව කල් දාල තියෙනවා .හමුදාවන්ට  ඔවුන්ගෙ  විශේෂතාව වැඩිකරන්න  ඔවුන්ට ආවෙිනික  විශ්ව  විද්‍යාලයක් තිබිය යුතුයි  කියල අපි පිළි ගන්නවා.හැබැයි ඒ මුවාවෙන් අධ්‍යාපනය  විකිණීට අපි විරුද්ධයි .

මෙි පනත සංශෝධනය කල යුතු බව අප කිව්වා.ගරුජනාධිපති තුමාත්, අග්‍රාමාත්‍ය තුමාත් අපේ ඉල්ලිම පිළි ගැනීම ගැන සතුටු වෙනවා.හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුවේ  ඉන්නවා. ඒ අය මෙි සංශෝධන ඉල්ලා සිටියා. නිදහස් අධ්‍යාපනය  සුරැකෙන පරිදි අධ්‍යාපනය  නවීකරණය  කරන පනතක්  සම්මත කරන්න  කටයුතු  කරනවා.

කොරෝනා  වැඩිවෙනව,මරණ වැඩි  වෙනව, ආසාදිතයින්  වැඩි  වෙනව කියල මේ ඊනියා විපක්ෂය  එක පැත්තකින්  චෝදනා කරනවා.නිතිය හරියට ක්‍රියාත්මක  කරන්නෙ  නෑ   කියල චෝදනා  කරනවා.අනෙත් පැත්තෙන්  නිරෝධනය  නීති  යොදාගන  වෘත්තීය  අයිතිවාසිකම්  කඩ කරනව  කියල  චෝදනා  කරවා.මෙික දෙබිඩි පිළිවෙතක් .එන්.ජ.ඔි. නඩ වලින් හසුරුවන ඊනියා විපක්ෂයට අවශ්‍ය  වෙලා තියෙන්නෙ කොරෝනා  වංගතයෙන්  රටෙි ජනතාව මිය යනව බලන්නද..ඩොලර්  වලින් නැටවෙන  වෘත්තීය  සමිති වලට අවශ්‍ය  විදිහට ඩෙගා නටන්න දීල  පැත්තකට වෙලා  බලා ඉන්නද..? එක පැත්තකින්  ලැම්ඩා එනවා  කියනවා .තව පැත්තකින්  ඩෙල්ටා එනවා කියනවා.මේ වසංගත අල්ලපු  වැටවලට  ඇවි තියෙනවා .

මෙි රටටත් මෙිවා රිංගල තියෙනවා . මෙි  ඊනියා  විපක්ෂයට අශ්‍ය රටම රෝගි  කරල, රටම ලොක් ඩවුන් කරල, ආර්ථික  වශයෙන් විනාශ කරල දාන්නයි.ඩොලර්  වලට නටන ඊනියා වෘත්තීය  සමිති  මෙි උත්සාහ  කරන්නෙ රටේ  ජනතාව  කනත්තට දාල ගෝඨාභය  රාජපක්ෂ පාලනය දුර්වල  කරන්න, අඩපණ කරන්නයි.ඒක එයාලට කරන්න කොහෙත්ම අපි ඉඩ දෙන්නෙ නෑ.. මෙික  බැදගන්න එයාලගෙ තෙල් මදි.

⁣මේ රටේ හැට නම ලක්ෂයක් ජනතාව  ගෝඨාභය  රාජපක්ෂ  මැතිතුමා  කෙරෙහි  තබාගත්  බලාපොරොත්තු ඉටුවෙනවා නැද්ද කියල බැලිය යුත්තෙ කොරෝනා  ගෝලීය  වසංගතයට සාපේක්ෂකවයි.ඒ නිසා පුද්ගල කළ කිරිම් තියෙන්න පුලුවනී. ඒ කළකිරිම් වලටත්  නාගතයේ සතුටුදායක අත්දැකීම් බලාගන්න  පුලුවන්  වෙයි  කියල හිතනවා.

එස්. පොද්දෙණිය  – මීගහතැන්න

ada paththare, c news in sinhala, c news sinhala sri lanka, divaina epaper, e news in sinhala, epaper lankadeepa,
esana news, laankadeepa, lanka news paper,

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….