පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් පරාක්‍රම සමුද්‍රය ගම්මානයේ ගොවීන් පිරිසක් ඊයේ (12) දහවල් පොහොර අර්බුදයට විසදුම් ඉල්ලා වැව් බැම්ම මත විරෝධතාවක නිරත වූහ.
පොහොර නැතුව වතුර එපා.දියව් දියව් අපට දියව් පොහොර ටික අපට දියව් ආදී සටන් පාඨ කියමින් හා පුවරුවල ප්‍රදර් ශනය කරමින් මෙම විරෝධතාව පැවැත්වූහ.
මාස් කන්නයේ වී ගොවිතැන සහමුලින්ම පොහොර නොමැතිකම හේතුවෙන් විනාශ වී යාමට ඉඩ ඇති බැවින් කන්නය ආරම්භ කිරීමට නොහැකිව සිටින්නේ පොහොර නොමැතිකම නිසා බව ද ඔවුහු පවසති.වහාම පොහොර ගැටලුව විසදා දෙන ලෙස ද ඔවුහු බල කර සිටිය හ.

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව






