ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මාර්ගගත රැකියා බැංකුවක්

onlinejobbank

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (Online) රැකියා බැංකුවක් ආරම්භ කර තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි ආයෝජන මණ්ඩලය පැවසුවේ.එමගින් රැකියා අපේක්‍ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප‍්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර ඩවාත් ඵලදායි මෙන්ම පහසු සම්බන්ධතාවයක් ගොඩනැඟීමට අපේක්ෂා කෙරෙනවා.

https://investsrilanka.com වෙත පිවිස Online ඔස්සේ Job bank අයිකනය මගින් මෙම මාර්ගගත රැකියා බැංකුව වෙත පිවිසිය හැකියි.

රැකියා අපේක්ෂිතයන් විසින් Jobseeker Login ඔස්සේ මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර, ආයතනය මගින් පළකොට ඇති රැකියා ඇබෑර්තු සඳහා ඉල්ලුම් කිරීමේ පහසුකම සපයා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහත සඳහන් දුරකථන අංක හෝ විද්යුත් ලිපිනයන් හරහා ලබාගත හැකියි.

අධ්‍යක්‍ෂිකා (කාර්මික සම්බන්ධතා) ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුරකථන අංක : 0112427119, විද්යුත් ලිපිනය nadeeka@boi.lk

සහකාර අධ්‍යක්‍ෂිකා (කාර්මික සම්බන්ධතා) ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුරකථන අංක : 0112427124 විද්‍යුත් ලිපිනය kumarim@boi.lk

කාර්මික සම්බන්ධතා නිලධාරිනී (කාර්මික සම්බන්ධතා) ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දුරකථන අංක : 0112427164 විද්‍යුත් ලිපිනය pramudithak@boi.lk

More Stories